මාරාන්තික බස් අනතුරින් 45ක් මරුට.!

දේව මෙහෙයක් සදහා පිරිසක් රැගෙන ගමන් කළ බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමට මෙම පිරිස බස් රථයෙන් ගමන් කර ඇති බවද වාර්තා වේ.

බස් රථය වේගයෙන් ධාවනය කර ඇති අතර අනතුරුව රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක ප්‍රපාතයකට ඇදවැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ බස් රථයේ 46 දෙනෙකු සිට ඇති අතර අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති බවත් ඇය බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close