බැසිල් දිවයිනට.. පිළිගන්න පොහොට්ටුවේ රොත්තක්.!

පොදුජන පෙරමුණ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (05) උදෑසන දිවයිනට පැමිණි අතර ඔහු පිළිගැනීමට පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගර කාරියවසම්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග අරුන්දික ප්‍රනාන්දු, සරත් වීරසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් අංක 650 දරණ ගුවන් යානයකින් බැසිල් රාජපක්ෂ අද (05) දින උදෑසන දිවයිනට පැමිණියේය.

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය උදෙසා පොදුජන පෙරමුණේ මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගැනීමට නියමිත බව හිටපු තානාපති උදයංග වීරතුංග සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS