Attention

ගංවතුර හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ඉවතට ගනී.!

ගංවතුර හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ඉවතට ගනී.!

ගංවතුර මට්ටම ඉහළ යෑමෙන් යටවූ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරෙමින් පවතතී.

වෙළෙඳ ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

අනුරාධපුරය පුත්තලම මර්ගයේ කලා ඔය පාලමේ ජල පහරට සිරවී සිටිනා මඟීන් 60ක් සහිත බස් රථය මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීමටද කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

පවතින ආපද‍ා තත්වය හේතුවෙන් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාව මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා කටයුතු තව දුරටත් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ සහන සේවා කණ්ඩායම් යොදවා තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

කොළඹ – නුවර පාර කෑගල්ලෙන් වසා දමයි.!

කොළඹ – නුවර පාර කෑගල්ලෙන් වසා දමයි.!

කොළඹ – නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් පවතින බැවින් නුවර මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට කටයුතු කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ හේතුවෙන් නුවර මාර්ගයේ රථ වාහන ධාවනය කරන පිරිස කෑගල්ල ප්‍රදේශයෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කරුණක් හැරුණුවිට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමෙන් වළකින ලෙසත් ය.

කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් කොටු වෙයි.!

කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් කොටු වෙයි.!

පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතරවී ඇති බවත් පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බවත් වාර්තා වෙයි.

අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසූවේ එම තොරතුරු නිවරදි බවයි.

බස් රථයේ රියදුරු ප්‍රදේශ වාසීන්ගේ ධාවනය කිරීමෙන් පසු මෙම අනතුරට මුහුන පා ඇති බවත්, එම ස්ථානයේ 60 දෙනෙකු සිරවී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

සිරව සිටිනා පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වනවිට හමුදා කණ්ඩ 2ක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට අමතරව හෙලිකොප්ටරයක් කැඳවා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවත් අනෙක් පුද්ගලයින් බේරාගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත් වාර්තා වෙයි.

කුරුණෑගල මාරක අනතුරකින් කාන්තාවකට බරපතලයි.!

කුරුණෑගල මාරක අනතුරකින් කාන්තාවකට බරපතලයි.!

අද අළුයම කුරුණෑගල විල්ගොඩ අතුරු මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවක් බරපතල තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

අයහපත් කාළගුණ තත්වය අතරතුරු අධික වේගයෙන් පැමිණ ඇති වෑන් රථය ඉදිකෙරෙමින් පවතින පටු පාලමක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

කුරුණෑගල පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

රුදුරු කාලගුණය බදුල්ලේ ජීවිත 11ක් බිලිගනී.. 7ක් අතුරුදන්.!

රුදුරු කාලගුණය බදුල්ලේ ජීවිත 11ක් බිලිගනී.. 7ක් අතුරුදන්.!

බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා සපවසන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 7ක සිදුවූ නායයෑම්වලින් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මීට අමතරව තවත් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බවයි.

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

අධි ගංවතුර තත්වයක් නිවේදනය කරයි.!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

එම අවදානම සැලකිල්ලට ගනිමින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙයි.

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අපොස උසස් පෙළ විභායය අවලංගු කරයි.! (Breaking News)

අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

විභාගය ඉදිරියේ දී පැවැත්වෙන දිනයන් පිළිබඳව විභාග අපේක්ෂකයින් වෙත දැනුම්දීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

සංවිධානාත්මක අපරාධකරු “දෙහි බාලේ මල්ලි” නැමැත්තාට අයත් යාත්‍රා 5ක් CID භාරයට.!

දකුණු ප්‍රදේශයෙ කේන්ද්‍රකරගනිමින් අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන දෙහි බාලේ මල්ලී නැමැත්තාට’ අයත් ධීවර යාත්‍රා පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් අංශය විසින් සිය භාරයට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසූවේ දික්වැල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබියදී මෙම යාත්‍රා පහ සිය භාරයට ගත් බවයි.

එම ධීවර යාත්‍රා පහේ වටිනාකම රුපියල් කෝටි 20ක් පමණ වන බවද පැවසෙයි.

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා මැරූ ඝාතකයා අත්අඩංගුවට.!

කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනා බව පැවසෙන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුව ගාල්ලා දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනය වූයේ අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වූ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ මස්සිනාවන මිරන්ත වරුසවිතාන නැමැති පුද්ගලයා වෙයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි මෝටර් රථයකින් ඔහු අනතුරට පත්කර පසුව වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරන්දෙණිය සුද්දා නැමති සංවිධානාත්මක අපරාධකරු විසින් ඉකුත් මැසි මස 4 වැනිදා සිය පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකළ බව සැකකාර මහදුර ඉසුරු නැමත්තා පොලීස්‍යට පවසා තිබෙයි.

ඔහු දින 7ක් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

ඔහුට අමතරව සැකකරුට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගලයෙකුවද අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී 30 හැවිරිදි මහදුර ඉසුරු නැමැත්තාව සෙල්ලකතරගම ප්‍රදේශයේදී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

මහදුර ඉසුරු නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කර ඇත්තේ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීම සඳහා තමන් සෘජුවම සම්බන්ධ වූ බවය.

ඔහුගේ යතුරුපැදිය ගැටීමට සැලැස් වූ මෝටර් රථය තමන් විසින් පැද වූ බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව තමන් මෝටර් රථය කරන්දෙණිය එගොඩවෙල ප්‍රදේශයේ හැර දමාගිය බවත් සැකකරු පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනයත් සමග මහදුර ඉසුරු නැමැත්තාගේ පවුලේ සියලු දෙනා ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රතිවාදී කල්ලිය වන කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ පවුල්වල සාමාජිකයන්ද පදිංචි ප්‍රදේශවලින් පලාගොස් සැඟවී සිටින බව වාර්තා වේ.

ජනපතිගෙන් සංගීත්ට පොරොන්දුවක්.. සංගීත්ගෙන් ජනපතිට සැලියුට් එකක්.!

ජනපතිගෙන් සංගීත්ට පොරොන්දුවක්.. සංගීත්ගෙන් ජනපතිට සැලියුට් එකක්.!

ගායන ශිල්පි සංගීත් විජේසුරිය මහතා පවසන්නේ තමා විසින් යූටියුබ් නාලිකාවක් සමඟ සිදුකරන ලද වැඩසටහනක කොටස් වැරදි අර්ථකතනයන් ලබාදෙමින් ප්‍රචාරය වි තිබෙන බවයි.

අද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විෂ මත් උවදුර තුරන් කිරීම සඳහා ගොඩනගන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසියට එක්විමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව විසින් ගෙන යන මෙම මත්ද්‍රව්‍ය නිවාරන වැඩ පිළිවෙලට තමා ගරුකරන බවත් ඔහු පැවසීය

මීට පෙර පැවති ආණ්ඩුවලින් මේ ලෙසින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමක් සිදු නොකල බවත් යම් ලෙසකින් ඇල්ලු මත්ද්‍රව්‍ය කුරක්කන් පිටි හෝ වෙනත් මත්ද්‍රව්‍ය නොවන ද්‍රව්‍යක් වු බවත් ඔහු සඳහන් කළේය.

එලෙස අල්ලන මත්ද්‍රව්‍ය එම අවස්ථාවේම විනාශ කල යුතු බව තමා විසින් වසර ගණනාවක සිට පවසන බව පැවසු ඔහු එලෙස විනාස නොකරන එම මත්ද්‍රව්‍ය නැවත වෙළදපලට පැමිණි බව අවධාරණය කළා.

මේ සඳහා නව නිතියක් සම්පාදනය කලයුතු බවත් ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වු බවත් සංගීත් මහතා පැවසුවා.

සංගිත් විජේසුරිය මහතා මත්ද්‍රව්‍ය කාර්යංශයේ සේවය කරන අවස්ථාවේදි නිති සම්පාදනය කිරිම පිළිබඳව මිට පෙර පැවති ආණ්ඩුවලට පැවසුවද එය ක්‍රියාත්මක නොකල බව අවධාරණය කළා.

එවකට සිටි දේශපාලකයින් හට මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරිමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබු බව පැවසු සංගීත් මහතා එයට හේතුව ලෙස ඔවුන් මෙම ජාවාරම්වල කොටස්කරුවන් බව පැවසුවා.

Follow WhatsApp Channel