ආසියාවේ තුන්වන බලවතා ඉන්දියාව

ආසියාවේ තුන්වන බලවත්ම රට ලෙසට සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇත.

ඕස්ට්‍රේලියාවේ ‘ලොවී ආයතනය’ (Lowy Institute) විසින් නිකුත් කරන ලද නවතම “Asia Power Index” (ආසියානු බල ශ්‍රේණිගත කිරීම්) වාර්තාවකින් එය තහවුරු වී ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින්ට පසුව ආසියානු කලාපයේ දෙවන වඩාත්ම ඵලදායී රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රේණිගත කර ඇත.

රටක පවතින සම්පත් ප්‍රමාණය සහ එමගින් ගොඩනගාගන්නා සැබෑ බලපෑම අතර පරතරය මනින “Power Yield” මිනුම අනුව ඉන්දියාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel