ලංකාවේ ජාන සොරකම් කළ චීන්නුන්ට ⁣රුපියල් කෝටි 7කට වැඩි දඩයක්

සිංහරාජ රක්ෂිතයේ ජාන සොරකම් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකුට අද (23) දින කලවාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් රුපියල් හත් කෝටි 64 ලක්ෂයක දඩයක් නියම කර ඇත.

ආරක්ෂිත සතුන් 300කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 143කට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර චීන ජාතිකයින් සිව්දෙනාට මෙම දඬ මුදල නියම කර ඇත.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවක් පසුගිය (09) වනදා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (23) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel