Local news

සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග

සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර ඇත.

සුරේෂ්⁣ සලේ අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවා තැබුණු අතර ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර ඇත.

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර සැප්තැම්බර් (09) වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අනුර මාළු අල්ලන්න දන්නෑ.. මාළු අල්ලන හැටි ප්‍රසාද් ජනතාවට කියාදෙයි

අනුර මාළු අල්ලන්න දන්නෑ.. මාළු අල්ලන හැටි ප්‍රසාද් ජනතාවට කියාදෙයි

වියළි කාලයේ වැව් වල වතුර හිදෙන බවත් හැමදාම මාළු ඇල්ලුවේ නැතත් ඉදලා හිටලා මාළු අල්ලන්න යන බවත් එහිදී ලූලා අල්ලන්නේ ඔලුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කරයි.

ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රී අමිල ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ,

“මම ඔබෙන් අහනවා, ගෝනුස්සෙක් දැක්කොත් අල්ලන්නේ ඔලුවෙන්ද, අල්ලන්නේ වලිගෙන්ද කියලා ඔබ දන්නවා. ඔලුවෙන් ඇල්ලුවොත් දුන්නා ෂොට් එක. ගෝනුස්සා ඉස්සෙල්ලා වලිගෙන් පහර දෙන්නේ.

දැන් මේ වියළි කාලයේ වතුර හිදෙනවා වැව් වල. හැමදාම මාළු ඇල්ලුවේ නැතත් ඉදලා හිටලා මාළු අල්ලන්න යනවා. ලූලා අල්ලන්නේ වලිගෙන්ද, ඔලුවෙන්ද කියලා මිනිස්සු දන්නවා. ඒවා අද්දැකීම්. අනුර මාළු අල්ලන්න ගියොත් අල්ලන්නේ ලුලාගේ වලිගෙන්.

ඇයි කවදත් දන්නෑ මොකුත්. අනුර උදේ ඉදන් ලූල්ලු අල්ලනවා. අල්ලන්නෙම එක්කෝ බඩෙන් එක්කෝ වලිගෙන්. එක්කෝ බඩෙන් එක්කෝ වලිගෙන්. මඩ කකා අල්ලනවා, මඩ ගගහා අල්ලනවා. බඩෙන් හෝ වලිගෙන්.

ඇයි අනුර මාළුවෙක් අල්ලන්න දන්න මිනිහෙක් නෙමෙයි. ලුලා අල්ලන්න ඕන කොහෙන්ද, ඔලුවෙන්. ඇල්ලුවේ නැත්නම් ලිස්සනවා.”

දිළිඳුකම තුරන් කිරීමට රුපියල් බිලියන 25ක්

දිළිඳුකම තුරන් කිරීමට රුපියල් බිලියන 25ක්

දිළිඳුකම තුරන් කර සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම අරමුණු කර ගනිමින් රජයේ ප්‍රධාන වැඩසටහන ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” වැඩසටහනේ 2026 වසරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් (24) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“ප්‍රජාශක්ති” වැඩසටහන සඳහා 2026 අයවැයෙන් වෙන් කළ රුපියල් බිලියන 25න් රුපියල් බිලියන 23ක ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘති 23,000ක් පමණ ක්‍රියාත්මක කර තිබෙන බවත්, එම සියලු ව්‍යාපෘති මෙම වසර තුළ අවසන් කිරීමේ හැකියාව පවතින බවත් මෙහිදි අවධාරණය කෙරිණි.

එමෙන්ම, තවත් මිලියන 2,000 ක ප්‍රතිපාදන විශේෂ ආකෘතික ව්‍යාපෘති (Model Projects) සහ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් සඳහා යොමු කර ඇති බවත්, එම වැඩසටහන් ඔස්සේ හඳුනා ගන්නා ව්‍යාපෘති ඉදිරියේදී ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අනාවරණය විය.

පරිපාලන කරුණු යටතේ ප්‍රජා සංවර්ධන සභා සඳහා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන් පත් කර අවසන් කර තිබෙන බවද සාකච්ඡාවට ලක් කෙරිණි

එසේම දත්ත රැස් කිරීම් සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්ගේ සහාය ලබා දීමටත්, එහිදී ග්‍රාමීය මට්ටමේ දත්ත සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීන් අතර ගැටුම් ඇති නොවන සේ කටයුතු කළ යුතු බවත් අවධාරණය කෙරිණි.

ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය විසින් සැලසුම් කරන ලද ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසාය සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන, ප්‍රජා සංවර්ධනය සභා ඇගයීම් සහ ප්‍රවර්ධන වැඩසටහන, ධාරිතා සංවර්ධන පුහුණු මොඩියුල සකස් කිරීම සහ පුහුණුකරුවන් පුහුණු කිරීම, ප්‍රජාශක්ති මාර්ගෝපදේශ සංග්‍රහය මුද්‍රණය කිරීම සහ බෙදා හැරීම, ප්‍රජා දත්ත සම්පාදන අත්පොත මුද්‍රණය හා බෙදා හැරීම මෙන්ම ප්‍රජාශක්ති තුන් අවුරුදු උපායමාර්ගික සැලැස්මේ මූලික ව්‍යූහයන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඒවා ක්‍රියාත්මක කිරීමටද එකඟතාව පළ විය.

ප්‍රජාශක්ති ජාතික දත්ත හා තොරතුරු පද්ධතිය සකස් කිරීම අවසන් කර ඇති අතර ඒ සඳහා දත්ත හා තොරුතුරු ඇතුළත් කිරීමට ප්‍රජා සංවර්ධන සභා නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් කඩිනමින් යොමු කළ යුතු බවට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එළඹෙන වසරේදී ග්‍රාමීය සංවර්ධන සැලැස්ම (VDP) මුළුමනින්ම මෙම දත්ත පද්ධතිය මගින් සකස් කළ යුතු අතර ඒ සඳහා කඩිනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල නිලධාරීන් යොමු කරවන ලෙසද වැඩිදුරටත් උපදෙස් දෙන ලදී.

මෙහි පළමු වැඩසටහන එළඹෙන සැප්තැම්බර් (02) සහ (03) යන දෙදින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර විසින් දැනුම් දෙන ලදී.

මෙම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජාතික මට්ටමෙන් පවතින සමීප සම්බන්ධීකරණය ප්‍රජා සවිබල ගැන්වීම සහ සමාජ රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් වගකීම් දරන සියලු ආයතන අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සම්බන්ධීකරණයෙන් ජාතික අරමුණු කරා මෙහෙයවීම ප්‍රජාශක්ති වැඩසටහනේ වගකීම බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ විසින් අවධාරණය කරන ලදී.

ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමග පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රජාශක්ති ව්‍යාපාරයේ මේ වසරේ වැඩ කටයුතු සමාලෝචනය කෙරුණු අතර, ඉදිරි වර්ෂය සඳහා වැඩසටහන් සැලසුම් කිරිම පිළිබඳවද සාකච්ඡාවට ලක්විය.

ජනතාවට පහසුවෙන් තොරතුරු ගන්න වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මකයි

ජනතාවට පහසුවෙන් තොරතුරු ගන්න වෙබ් අඩවිය අද සිට ක්‍රියාත්මකයි

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ මෙන්ම අනෙකුත් බහුවිධ මධ්‍යස්ථාන වලට අදාල තොරතුරු සහ බස් රථ, දුම්රිය කාලසටහන් වැනි මගීන් හට වැදගත් තොරතුරු ඇතුලත් වෙබ් අඩවිය අද (25) ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන විසින් එලිදක්වයි.

මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම වෙබ් අඩවිය තුල “MAKU” හෙවත් AI based Passenger Assistant කෙනෙකු මගින් ඕනෑම අයෙකුට පහසුවෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකිවීමයි.

එමෙන්ම එහි බස් පර්යන්ත සහ බස් රථ කළමනාකරණයට අදාල නව පද්ධතියද නිරීක්ෂණය කල අතර ඉදිරියේදී GPS තාක්ශනය මගින් බස් රථ නිරීක්ෂණ කටයුතු ඇරඹූ පසු මෙම කටයුත්ත තව දුරටත් පහසු කරගැනීම සඳහා එය යොදාගන්න ආකාරයද මෙහිදී සාකච්චා කළේය.

තවද මෙහිදී දැනට පවතින Park and Ride ක්‍රමවේදය ද නිරීක්ශනය කළ අතර දැනට කෙතරම් වාහන ප්‍රමාණයක් මෙම ක්‍රමවේදය භාවිතා කරන්නේද සහ එමගින් වායු විමෝචනය මගින් පරිසරයට සිදුවන හානිය කොපමණ අවම කරගෙන ඇතිද යන්න පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.

මෙහිදී ඉදිරියට Mechanical Car parks වැනි ක්‍රම මගින් park and ride ක්‍රමවේදය වැඩි දියුනු කිරීම පිළිබඳවද අදහස් පළවිය.

එමෙන්ම ඉදිරි තීරණ ගැනීමේදී අත්‍යාවශ්‍ය කාරණයක් වන මගී ප්‍රවාහණයට අදාළ දත්ත පද්ධතියක් මෙහි ස්ථාපනය කර ඇති අතර බස් රථ ප්‍රමාණය, මගීන් ප්‍රමණය, Peak/Off peak වේලාවන්, බස් රථ වල පැමිණීම් ප්‍රමාද කාලයන් පිළිබඳ තොරතුරු වැනි කාරණා එහිදී ඇතුළත්ව ඇත.

දුම්රිය, දුර ගමන් බස් රථ, මෙට්‍රෝ බස් සේවාව වැනි පොදු ප්‍රවාහන සේවා එක් ස්ථානයකින් ක්‍රියාත්මක කිරීමට සහ Park and Ride වැනි ක්‍රමවේද හරහා පුද්ගලික වාහන භාවිතය අවම කරමින් පොදු ප්‍රවාහනය සඳහා මගීන් යොමු කිරීමේදී බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථන යනු ප්‍රධානතම අංගයක් වේ.

ප්‍රවාහනයට අදාළ යටිතල පහසුකම් දියුණු කිරීමේ රජයේ ඉදිරි වැඩපිළිවෙල එය ප්‍රමුඛ ස්ථානයක පවතියි.

රන් මිල ඉහළ⁣ට

රන් මිල ඉහළ⁣ට

අද (25) දින ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද (25) උදෑසන 6.00 වන විට රන් අවුන්සයක මිල ඩොලර් 4,681ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය සතියක පමණ කාලයක් තුළ රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 350කින් පමණ ඉහළ ගොස් ඇත.

හදිසි තත්ත්වයක්.. කොළඹ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

හදිසි තත්ත්වයක්.. කොළඹ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි

ජලයේ ගුණාත්මකභාවයට බලපා ඇති හදිසි තත්ත්වයක් හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත.

අද (25) අලුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල සැපයුම මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානය ආශ්‍රිතව ජලයේ ගුණාත්මකභාවයට බලපා හැකි හදිසි තත්ත්වයක් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකළ දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.

මේ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින අතර ජලසැපයුම යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කරන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

පළාතක් හොල්ලපු බස් ලලිත් කුදලාගෙන එයි

පළාතක් හොල්ලපු බස් ලලිත් කුදලාගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අද (25) දින අලුයම 05.20ට ඩුබායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණේය.

කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගියේය.

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්‍ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ චෝදනා රැසක් එල්ල වී ඇති අතර ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර ඇත.

හේමරතනගේ ශුක්‍රාණු පාපිස්ස දෙපැත්තේ.. තවත් කාන්තාවක් ආවාසයට

හේමරතනගේ ශුක්‍රාණු පාපිස්ස දෙපැත්තේ.. තවත් කාන්තාවක් ආවාසයට

හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ශුක්‍රාණු පිසදැමූ බවට බාලවයස්කාර දැරිය විසින් පෙන්වන ලද පාපිස්සෙහි දෙපැත්තෙහිම එම හිමියන්ගේ ශුක්‍රාණු තිබූ බව රස පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිසිය විසින් අදාළ අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයේදී පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩයක් ලෙස නම් කර, රස පරීක්ෂකවරයා වෙත යොමු කළ එම හිසකෙස් කොටස වින්දිත දැරියගේ නොව වෙනත් කාන්තාවකට අයත් එකක් බවද රස පරීක්ෂණ වර්තාවේ තවදුරටත් දක්වා ඇත.

පල්ලේගම හේමරතන හිමි බාල වයස්කාර දැරියක ලිංගික හිංසනයට ලක් කළ බව කියන සිද්ධියට අදාළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී 22424/ 2026 අංක දරන නඩු ගොනුවට අදාළ රස පරීක්ෂක වාර්තාව නිල ලේඛනයක් ලෙස ගොනු කරමින් මෙම රස පරීක්ෂක වාර්තාවේ පිටපතක් රජයේ රස පරීක්ෂකවරයා විසින් නීතිපතිවරයාට යොමුකර ඇත.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා 2027 වසරේ ජනවාරි මස (08) දින දක්වා කල් තැබීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න නියෝග කළේය.

මේ අතර අපරාධ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයට රැගෙන ගිය අවස්ථාවේදී දැරිය ආවාස ගෙයට ගමන් කර සැකකාර පල්ලේගම හිමි සැතපෙන ආවාස කුටිය පෙන්වා එම කුටිය තුළදී ඇය බරපතළ ලිංගික හිංසනයකට ලක් කරනු ලැබූ බව පැවසූ බව අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

එහිදී සැකකාර හේමරතන හිමි ශුක්‍රාණු පිස දැමූ බව කියන පාපිස්ස සහ කාන්තාවකගේ දිගු හිස කෙස් සිය භාරයට ගත් බවද නිට්ටඹුව පොලිසිය පසුගියදා අධිකරණයට ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තාවේ සඳහන් වේ.

දේශපාලන හයිය පෙන්නා දයා ගමගේ රුපියල් මිලියන 974ක් ගත්ත හැටි

දේශපාලන හයිය පෙන්නා දයා ගමගේ රුපියල් මිලියන 974ක් ගත්ත හැටි

රටේ ජනතාවගේ නිවාස බලාපොරොත්තුව ඉටු කරගැනීම සඳහා සහනදායි පදනමට ණය ලබාදීමට ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථාවෙන් හිටපු ඇමති දයා ගමගේට අයත් ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 974ක ණය ලබාදී ඇතැයි හෙළිවී ඇත.

මෙම ණය මුදල ලබාගෙන ඇත්තේ දේශපාලන බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයින් ලෙස බැංකුවට කළ බලපෑම් වලින් බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව යටතේ ඇති අනු කමිටු රැස්වීමකදී අනාවරණය විය.

මේ අතර පසුගිය 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍යමය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමෘද්ධි සේවක වෘත්තීය සමිති එකමුතුව විසින් හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.