Foreign news (Sinhala)

අමෙරිකාව දණ ගැස්සු ඉන්දියාව පළමු තැනට.!

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 110ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 111ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

එම ජයග්‍රහණයත් සමග ප්‍රබල ඉන්දීය කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ප්‍රසිද්ධ ගායිකාව ජීවිතයෙන් සමුගනී.!

ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ප්‍රංශයේ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඇය මියයන විට 80 වැනි වියේ පසුවිය.

1962 වසරේදී සංගීත ක්ෂේත්‍රයට එක්වූ ෆ්රැන්කොයි හාඩි ප්‍රංශයේ සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් ලෙස කටයුතු කර ඇත.

ඇය ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ ඇපල් සමාගමේ අවසානයද.. ටෙස්ලා සහ සැම්සුන්ග් අණතුරු අඟවයි.!

ඊයේ (10) අමෙරිකාවේ කැලිෆෝනියා හි ඇපල් සමාගමේ මූලස්ථානයේ පැවති Developers Conferance හිදී නිවේදනය කරනු ලැබුවේ ඇපල් සමාගමේ මීළඟ දුරකථන මාදිලිය සඳහා කෘතිම බුද්ධියෙන් (Al) බළ ගැන්වෙන Open AI සේවාවන් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බවයි.

එම සමාගම සඳහන් කළේ එම නවතම යාවත්කාලීන කිරීම හරහා ඇපල් සමාගමේ ios මෙහෙයුම් මෘදුකාංගයේ ඇතුලත් ‘Siri’ යෙදවුම හරහා කෙටි පණිවුඩ, ඊ-මේල් පණිඩුව සහ මෙතෙක් ඇතුළත්ව නොතිබූ තුන්වැනි පාර්ශ්වයේ දුරකථන යෙදවුම් සඳහාද ක්‍රියාත්මක වීමේ හැකියාව එමඟින් ලබා දෙන බවත් ඒ අනුව, කෘතිම බුද්ධිය මගින් ඊමේල් පණිවුඩ සඳහා සහ කෙටි පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලැබෙන බවත්ය.

නමුත්, විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නවතම යාවත්කාලීන සම්බන්ධයෙන් ටෙස්ලා සහ ‘X’ හි හිමිකරු වන ඉලොන් මස්ක් විසින් දැඩි අප්‍රසාදය පළකර ඇති බවයි.

ඉලෝන් මස්ක් විසින් තොරතුරු වල ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ සමාගම්වලින් අයිෆෝන් භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවට අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඔහු ප්‍රකාශකර ඇත්තේ “ඔවුන් ඔබේ දත්ත OpenAl වෙත ලභා දුන් පසු ඇත්ත වශයෙන්ම සිදුවන්නේ කුමක්දැයි Apple සමාගමට කිසිදු අදහසක් නැත” යනුවෙනි.

මේ අතර, ඇපල් සමාගමේ ප්‍රධාන තරඟකරු සැම්සුන් සමාගමද ඇපල් සමාගමේ මෙම නිවේදනය ‘X’ පණිඩවුඩයක් ඔස්සේ සමච්චලයට ලක්කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවැනි බලවත් සමාගම් විසින් සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ඇපල් සමාගමේ අනාගතය කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇතිකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

AI තාක්ෂණය සමගින් ඇපල් දුරකථනයේ අලුත්ම වෙනසක්.!

අමෙරිකානු ඇපල් සමාගම සිය ඉදිරි නිෂ්පාදන පෙළ AI තාක්ෂණය යොදාගනිමින් එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇපල් සමාගමේ මීළඟ අයිෆෝන් නිෂ්පාදනය කෘත්‍රිම බුද්ධියෙන් (AI) සන්නද්ධ කෙරෙන බව ඇපල් සමාගමේ වාර්ෂික සංවර්ධකයන්ගේ සමුළුවේදී (Developers Conferance) ප්‍රකාශ කළේය.

Open AI සමාගමේ ජනප්‍රිය Chat GPT කෘත්‍රිම බුද්ධි යෙදුම අයිෆෝන්වලට අන්තර්ගත කරන බවත් එය මෙම වසර අවසානයේදී අන්තර්ගත කරන බවද ඇපල් සමාගම නිවේදනය කරයි.

හඬ මගින් අන්තර්ක්‍රියා කළ හැකි “සිරි” (Siri) යෙදුම මගින් ඇපල් දුරකථනවලට කෙටි පණිඩුව, ඊමේල් සහ තුන්වැනි පාර්ශ්වයක යෙදුම්වලටද ප්‍රතිචාර දැක්විය හැකි බවද ඇපල් ප්‍රධාන විධායක සදහන් කරයි.

උප ජනාධිපතිවරයෙක් සමඟ තවත් ගුවන් යානයක් අතුරුදන්.!

මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා (Saulos Chilima) රැගත් ගුවන් යානය ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්වීමෙන් පසු අතුරුදන් වීමත් සමඟ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට එරට ජනපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.

මලාවි උප ජනාධිපතිවරයා සහ තවත් 9 දෙනෙකු රැගත් හමුදා ගුවන් යානයක් මෙසේ අතුරුදන් වී ඇති අතර, යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.

51 හැවිරිදි උප ජනාධිපති Saulos Chilima රැගත් යානය සඳුදා ලිලොන්ග්වේ අගනුවරෙන් පිටත්වී විනාඩි 45 කට පමණ පසුව උතුරට කිලෝමීටර් 370 ක් (සැතපුම් 230) පමණ දුරින් Mzuzu ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන්කරමින් තිබූවද, එම ගමනාන්තය වෙත ලඟාවීමට නොහැකි වී ඇත.

ගුවන් යානය දේශීය වේලාවෙන් උදෑසන 9 ට පසුව (07:00 GMT) ගුවන් ගත වී ඇති බව එරට ආරක්ෂක හමුදා පවසයි.

සමාජ මාධ්‍ය කැළඹූ මෝදිගේ අභිරහස් සත්වයා ගැන සැකය දුරුවෙයි.!

පෙරේදා (09) ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය අතරතුර රාෂ්ට්‍රපති භවන් හි අභිරහස් සත්වයකු දර්ශනය වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරසයක් මෙන් පැතිර ගිය අතර මීට සුළු මොහොතකට පෙර ඒ පිළිබඳව දිල්ලි පොලිසිය විසින් නිල ප්‍රකාශයක් සිදුකර තිබේ.

සමාජ මාධ්‍යවල බොහෝ දෙනා පවසන පරිදි දිවියෙකු වැනි සතෙකු, භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර්ගා දාස් උයිකේ අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී ජනාධිපති වරයාට ආචාර කරන මොහොතේ පසුබිමේ එම අත්භූත සත්වයා දක්නට ලැබුණු බවයි.

දිල්ලි පොලිසිය X පණිවිඩයක් කරමින් කරමින් කියා සිටින්නේ

“මෙම කරුණු සත්‍ය නොවේ, කැමරාවට හසු වූ සත්වයා සාමාන්‍ය ගෘහාශ්‍රිත පූසෙකි. කරුණාකර එවැනි කටකතාවලට හසු නොවන්න” යනුවෙනි.

දිල්ලි පොලිස් නිලධාරියෙකු පවසා සිටියේ, පරිශ්‍රය තුළ සිටින්නේ බල්ලන් සහ ‘ගෘහස්ථ’ බළලුන් පමණක් බවයි.

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු උපුටා දක්වමින් PTI පුවත් සේවය වාර්තා කළේ, ජනාධිපති වතුයායේ කිසිදු දිවියෙකු මින් පෙර වාර්තා නොමැති බවයි.

ලෝකයම බලා සිටි තරගයේ ජය ඉන්දියාවට.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් රැස්කරගැනීමට සමත් විය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගැනීමට හැකි වුයේ ලකුණු 113ක් පමණි.

ඒ අනුව ලකුණු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වු අතර මෙම තරගය අමෙරිකාවේ නිව් යෝර්ක් හීදී පැවැත්විණ.

මෝදි දිවුරුම් දෙන අතරේ ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරයක්.!

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ රියාසි ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකට ලක්ව වන්දනාකරුවන් පිරවූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇත.

එම වන්දනාකරුවන් රැගත් බස් රථය ශිව් කෝරි ලෙන් විහාරය වෙත යමින් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇති අතර ත්‍රස්තවාදීන් වෙඩි තැබීමත් සමඟ බසය ප්‍රපාතයකට පෙරලී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ත්‍රස්තවාදීන් සිදුකළ වෙඩි තැබීමේදී රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට වැටී ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

මේ අතර තෙවැනි වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දුන්නේය.

ලෝකයම බලා සිටින තීරණාත්මක තරගය අදයි.!

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද (09) දින ඇමරිකාවේ නිව්යෝක්හි නසාව් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගය හේතුවෙන් එම ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රවේශපත්‍ර වාර්තාගත ලෙස අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2024 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සජීවීව පුළුල් තිර ඔස්සේ නැරඹීම සඳහා ලොව බොහෝ රටවල් සූදානමින් සිටින බවද වාර්තා වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව ඇති අතර පාකිස්තාන කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක තරගයක් වේ.

උතුරු කොරියාව කුණු යුද්ධයක පැටලීමට දැඩි උත්සාහයක.!

දකුණු කොරියාවේ දේශසීමා වෙත කුණු රැගෙන යන බැලූන යැවීමට උතුරු කොරියාව නැවතත් කටයුතු කර තිබේ.

අද (09) අළුයම මෙම කසළ පිරවූ බැලූන දකුණු කොරියානු අග නගරය වන සෝල් සහ දේශ සීමාව ආසන්න ප්‍රදේශවලින් සොයාගත් බව දකුණු කොරියානු හමුදාව පවසයි.

දකුණු කොරියානු රජය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ, උතුරු කොරියාවෙන් එවන මෙම කසළ පිරවූ බැලූන පිළිබඳ ඉතා බැරෑරුම් ලෙස සලකන බවත් අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීමට සීරුවෙන් සිටිනා බවත්ය.