Foreign news (Sinhala)

සැලසුම් කර ඉරාන ජනාධිපතිවරයා මැරුවාද.? පරීක්ෂණ අරඹයි.!

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි, විදේශ ඇමති සහ අනෙකුත් නිලධාරීන් ගමන් ගත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

හෙළිකොප්ටර් යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වීම සැක සහිත බැවින් ඉරාන ආරක්ෂක අංශ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වීමට මිසයිල ප්‍රහාරයක් හේතු වූවා දැයි සැකයක් මතුව ඇති බවද ඉරාන මාධ්‍ය සදහන් කරයි.

ඉරාන ජනාධිපතිවරයා හදිසියේම මියයාම සහ එම හෙළිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් මේ වනවිට ඉරාන ජනතාව අතර සැකයක් මතුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඉරාන ජනාධිපතිවරයාගේ මරණය හේතුවෙන් ගත් තීරණය.!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඉරාන විදේශ කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ඊයේ (19) දින සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් මියගියේය.

හෙළිකොප්ටර් අනතුරින් මියගිය ජනාධිපතිවරයාගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු සොයාගත් බවත් අනතුරුව අදාළ මෙහෙයුම් කටයුතු නවතා දැමු බව ඉරාන රතු අඩසඳ ආයතනය සදහන් කරයි.

එම අනතුරට පත් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව ඉරාන රතු අඩසඳ ආයතනය සදහන් කරයි.

ඉරාන ජනාධිපතිවරයාගේ මරණය හේතුවෙන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් කමෙනි විසින් එරට දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනපතිගේ හෙලිකොප්ටරයට මිසයිල ප්‍රහාරයක්.!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි ප්‍රකාශයක් කර ඇත.

ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි ඇතුළු පිරිසගේ හදිසි මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි සැක පල කරන බව ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සදහන් කරයි.

ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි ඉස්ලාමීය ජනරජයේ ඉහළම දේශපාලන හා ආගමික තනතුර වන උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අල් කමේණිගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙයි.

ඉරාන ජනාධිපති ඇතුළු පිරිස හෙලිකොප්ටර අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

ඉරාන ජනපතිගේ අභාවයෙන් පසු එරට මීළඟ ජනපතිවරයා සම්බන්ධයෙන් අර්බුදයක්.!

ඊයේ (19) ඉරාන කඳුකර ප්‍රදේශයක සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එරට ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව අද (20) තහවුරු වීමත් සමඟ එරට මීළඟ ජනපති සම්බන්ධයෙන් මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාගේ හදිසි අභාවයකදී අන්තර්වාර ජනපතිවරයෙක් පත්කළ යුතු අතර ඒ සඳහා මේ වනවිට එරට “පළමු නියෝජ්‍ය ජනාධිපති” ලෙස කටයුතු කරන පුද්ගලයා පත්කිරීමට සිදුව ඇති බව සඳහන්.

68 හැවිරිදි මොහම්මඩ් මොක්බර් නම් පුද්ගලයෙකු එම තනතුර මේ වනවිට දරනු ලබන අතර ඒ අනුව එරට අන්තර්වාර ජනාධිපති ලෙස මොක්බර් පත්වෙතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පසුව දින 50ක් තුළ ඔහුද අයත් වන ත්‍රි-පුද්ගල කවුන්සිලයක් මඟින් නව ජනාධිපතිවරණයක් පැවැත්වීමට සැලසුම් කළ යුතු අතර එම කවුන්සිලයේ අනෙක් සාමාජිකයින් වන්නේ පාර්ලිමේන්තු කථානායක සහ අධිකරණයේ ප්‍රධානියා වේ.

නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ හැක්කේ ඉරාන අධ්‍යාත්මික නායකයාගේ අනුමැතිය මත පමණක් වන අතර ඒ සම්බන්ධයෙන් යම් අර්බුදකාරී තත්ත්වයක් උදාවී ඇති බව සඳහන්.

ඉරානය තුළ සිදුකෙරෙන ඕනෑම කටයුත්තක අවසාන තීරණය ගත යුත්තේ එරට අධ්‍යාත්මික නායකයා බව පැවසේ.

ඉරාන ජනපතිගේ මරණයට අමෙරිකාව නිහඩයි.!

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු අනෙකුත් නිලධාරීන් රැගත් හෙලිකොප්ටරය ඊයේ දින අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ඉරානය සහ අමෙරිකාව අතර එදිරිවාදිකම් පවතින අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින් අමෙරිකාව මේ වනවිට ඉරානයට සම්බාධක පනවා ඇත.

කෙසේ වෙතත් ඉරාන ජනපතිවරයාගේ හදිසි අනතුර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පිරිසක් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව වාර්තා වේ.

හෙලිකොප්ටරයක් ​​කඩා වැටීම හේතුවෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස තවදුරටත් ජීවතුන් අතර නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් රුසියාව හා ඉරානය අතර සමීප මිතුදම් පවතින අතර විශේෂඥයන් 47 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිටත් ඉරානයට යවා ඇති බව රුසියානු ජනාධිපති පුටින් සදහන් කරයි.

ජනපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බවට ඉරානයෙන් ප්‍රකාශයක්.!

ඉරානය රජයේ උසස් නිලධාරියකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේ ගුවන් අනතුරකට ලක් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි හා විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස තවදුරටත් ජීවතුන් අතර වෙතැයි බලාපොරොත්තු බිඳ වැටෙමින් ඇති බවයි.

අනාවරණය වී ඇති තොරතුරු අනුව ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ඇති බවද ඔහු සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කොට ඇත.

හෙලිකොප්ටර තුළ ගමන් ගත් සියලු දෙනා මිය යන්නට ඇතැයි සැක කළ හැකි බවද ඔහු පවසා ඇත.

යානය කඩා වැටුණු ස්ථානයද ගවේෂණ කණ්ඩායම් විසින් මේ වන විට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඉරාන ජනපති ජීවිතක්ෂයට.? යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් හමුවේ.!

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තුර්කි ඩ්‍රෝන් මෙහෙයුමක් මඟින් ඉරාන ජනාධිපති රයිසි රැගත් හෙලිකොප්ටරයේ කොටස් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගැනීමට හැකිව ඇති බවයි.

කෙසේ වෙතත්, ඉරාන බලධාරීන් සඳහන් කර ඇත්තේ එම තොරතුරු තහවුරු කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අසල්වැසි අසර්බයිජානයේ විවෘත කිරීමේ උත්සවයකට අසර්බයිජාන ජනපතිවරයා සමග ඊයේ (19) සහභාගී වීමෙන් අනතුරුව නැවතත් ඉරානය වෙත හෙලිකොප්ටර් රථ පෙළකින් පැමිණෙමින් සිටියදී අදාල ප්‍රදේශයේ දැඩි මිදුම් තත්වයක් තිබී ඇති අතර, එවන් තත්වයක් පැවතියත් ඉරාන ජනපති ගමන් කළ හෙලිකොප්ටර් රථ තුන නොකඩවා ධාවනයේ යෙදී ඇති බවයි.

එහිදී ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරකට ලක්ව ඇති බවට සැක කෙරේ.

ඉරාන ජනපතිවරයා ගමන් කළ හෙලිකොප්ටර් යානය සමග තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ආරක්ෂාව සපයමින් ගමන් කර ඇති නමුත්, එම හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ඉරානයේ ටබ්රිස් නම් ගමනාන්තය වෙත ලඟා වී ඇතත්, ඉරාන ජනපතිවරයා හා විදේශ ඇමතිවරයා ගමන් කල හෙලිකොප්ටරය පිළිබඳ මේ වනතුරු හෝඩුවාවක් නොමැති බව සඳහන්.

මේ වනතුරු ඉරාන රජයෙන් නිල වශයෙන් හෙලිකොප්ටර් යානය සොයාගැනීම සම්බන්ධව නිශ්චිත නිවේදනයක් නිකුත් කර නොමැත.

ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගෙම්බා ඉන්දියාවෙන් හමුවෙයි.!

ඉන්දියාවේ නැඟෙනහිර කඳුකරයෙන් ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගෙඹි විශේෂයක් වන ලංකා දිය මැඩියා හෙවත් (Hylarana gracilis) ලෙසින් හැඳින්වෙන ගෙම්බෙකු හමු වූ බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ කෞන්ඩින්‍යා වනජීවී අභය භූමියේ ගෞනිතිම්මේපල් ප්‍රදේශයේ කුඩා පොකුණක් අසල දිරාගිය කොටයක් පිටුපස සැඟවී සිටියදී සොයාගෙන ඇත.

එම අභය භූමියෙන් ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ මෙම සත්ත්වයා සොයා ගැනීම අපූරු සිදුවීමක් බව හයිද්‍රාබාද් සත්වෝද්‍යාන සමීක්ෂණයේ (ZSI) මිරිදිය ජීව විද්‍යා ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පර්යේෂකයින් ඇතුළු පිරිසක් සදහන් කරයි.

ඉරාන ජනපති අතුරුදන්.. රටම කැළඹෙයි.!

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අතුරුදන් වීමත් සමග එරට ජනතාව දැඩි ලෙස කලබල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

එම හෙලිකොප්ටර් යානය අධික මීදුම සහිත අයහපත් කාලගුණය හේතුවෙන් කඳුකර ප්‍රදේශයකට ගොඩබා ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිටින ස්ථානයට මෙතෙක් කිසිවෙකුට ළඟාවීමට නොහැකිවී ඇත.

මේ වනවිට ජනාධිපතිවරයා ඇතුළු පිරිස බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉරාන සන්නද්ධ හමුදා, කමාන්ඩෝ ඒකක ඇතුළු කණ්ඩායම් 40ක් ක්‍රියාන්විතයට එක්ව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට එක්ව ඇති අතර එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අනතුරට මුහුණ දී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඉරාන ජනතාව සිය ජනාධිපතිවරයා වෙනුවෙන් යාඥා කිරීමද ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයින් 23 දෙනෙකු රැගත් යාත්‍රාවක් අතුරුදන්.!

පුද්ගලයින් 23 දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදු කලාපයේදී අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පුද්ගලයින් යුරෝපය බලා ගමන් කර ඇති අතර අතුරුදන් ඔවුන් සොයා එරට නාවික හමුදාව සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි මාසයේදී ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙවැනි යාත්‍රාවක් ගිලී යාමෙන් සුඩාන ජාතිකයන් 13 දෙනෙකු මියගොස් 27 දෙනෙකු අතුරුදන්ව ඇත.

යුරෝපය බලා ගමන් කරන සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන පිටත්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ටියුනීසියාව හැඳින්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.