Why is this happening (Sinhala)

සිය බිරිඳ 03 හැවිරිදි පුතු මරා එක් මස් බිළිඳාද සමග යහනට ගිනි තැබූ සාහසිකයාට හිමිවූ දඬුවම.!

සිය බිරිඳ 03 හැවිරිදි පුතු මරා එක් මස් බිළිඳාද සමග යහනට ගිනි තැබූ සාහසිකයාට හිමිවූ දඬුවම.!

කොළඹ මහාධිකරණය විසින් ඊයේ දිනයේ (21) විත්තිකරුවකුට එරෙහිව නියම කළ මරණීය දණ්ඩනය ස්ථිර කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

ඒ තම නව පෙම්වතිය විවාහ කරගැනීමේ අරමුණින් 29 හැවිරිදි පාසල් ගුරුවරියක වූ සිය බිරිඳගේ හා තුන් හැවිරිදි පුතුගේ ගෙල සිර කර නිදි යහනේදීම මරා දමා සිය මසක් වයසැති බිළිඳා සමගම නිදි යහනට ගිනි තබා සමූල ඝාතනය කිරීමේ චෝදනා තුනකට වරදකරු වූ පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමින් සම්පත් බී. අබේකෝන් හා පී. කුමාරරත්නම් යන විනිසුරු මඬුල්ල මරණීය දණ්ඩනය ස්ථිර කළේය.

ව්නිසුරු මඬුල්ල සිය තීන්දුව මගින් පෙන්වා දුන්නේ මහාධිකරණ විනිසුරු විකුම් ඒ. කළුආරච්චි මහතා විසින් 2019.11.07 වැනිදා රත්මලාන, කල්දෙමුල්ල, ගොලුමඩම හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි විජේමුණි මධුර මනුරංග ද සිල්වා නමැත්තාට එරෙහිව නියම කළ එකී මරණීය දණ්ඩන අධිකරණය හමුවට ඉදිරිපත්වූ සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි හා පරිවේෂණය සාක්ෂි මැනවින් සලකා බලා එකී අමානුෂික ඝාතන සිදුකර ඇත්තේ වෙනත් කිසිවකු නොව විත්තිකරු චේතනාන්විත අරමුණින්ම බව සාධාරණ සැකයෙන් ඔබ්බට තහවුරු කරගැනීමෙන් පසුව බවයි.

පසුගිය 2012.12.16 වැනි දින රත්මලාන කල්දෙමුල්ල ගොලුමඩම හන්දිය අංක 12/2/ඒ දරන ලිපිනයේ පදිංචිව සිටි පී. සචේතනා සඳමාලි ප්‍රනාන්දු (අවු. 29), විජේමුණි ඉෂාන් චානුක ද සිල්වා (අවු.3) හා කුෂාන් සඳරු ද සිල්වා යන තිදෙනා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩු විභාගයේදී එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 14 දෙනකු සාක්ෂි ලබාදී තිබිණි.

සිද්ධිය වන විට 31 හැවිරිදි වියේ පසුවූ විවාහකයකු වූ විත්තිකරු කොළඹ ප්‍රධාන පෞද්ගලික අධ්‍යාපන ආයතනයකින් කළමනාකරණ පාඨමාලාවක් හදාරමින් සිටියදී දැනහඳුනාගත් මීගමුව ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කළ තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් ඇති කරගෙන තිබූ බවත් ඇය සමග විවාහවීමේ අරමුණින් එම ඝාතන සිදු කළ බවත් එම ඝාතන සිදුකොට දින කීපයකට පසුව එවකට ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට ඇගේ නිල මැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදී තිබිණි.

ලොහාන් රත්වත්තේ මියගියාදැයි සැකයක්.!

ලොහාන් රත්වත්තේ මියගියාදැයි සැකයක්.!

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී “මම ජීවත්වෙලා ඉන්නකන් අනුර දිසානායක මේ රටේ ජනාධිපති වෙන්න ඉඩ තියන් නෑ” යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දී නොමැති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අනුර කුමාර ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ දක්නට නොලැබුනු හිටපු අමාත්‍යවරයා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරනා බවට වාර්තා වෙයි.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැද ජයග්‍රහණය කර රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් අතර පසුව ඇතිවූ අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යටතේද ඔහු අමාත්‍ය ධුරයක් දැරුවේය.

සජිත් රත්නපුරේදී දමිතාව සප්‍රයිස් කරයි.!

සජිත් රත්නපුරේදී දමිතාව සප්‍රයිස් කරයි.!

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය රත්නපුරයෙන් මහ මැතිවරණයට තරඟ කරනා බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මීට දින කිහිපයකට පෙරයි.

එමෙන්ම ඇය ඊයේ (10) දිනයේද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එය ස්ථිර කළේය.

එහිදී ඇය වැඩිදුරටත් පැවසූවේ තමාගේ ස්වාමියාගේ සම්බන්ධයක් රත්නපුරට පැවතීම හේතුවෙන් තමා රත්නපුර තෝරාගත් නමුත් තමාට දිවයිනේ ඕනෑම දිස්ත්‍රික්කයකින් තරඟකර ජයග්‍රහණය කළ හැකි බවයි.

කෙසේවෙතත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව වාර්තා වෙයි.

ඇය මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

පිරිමිකම කපා මේසය මත තබා 27 හැවිරිදි තරුණයා ගෙල වැළලාගෙන.!

හබරණ දුම්රිය පොළ අසළ ත්‍රිකුණාමලය පාර ප්‍රදේශයේ පදිංචි පදිංචි අවුරුදු 27ක තරුණයෙක් සියදිවි හානි කරගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

මෙම සියදිවි නසා ගැනීම තමන් සිතාමතාම සිදු කරන බවත් එයට කාගේ හෝ මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් කරමින් ඔහු ලිපියක් ද ලියා පසුව තම රහසඟ පිහියකින් කපා වෙන් කොට මේසයක් මත තබා අනතුරුව ගෙල වැළලාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයා යම් මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙකු බවට වාර්තා වන අතර ඔහුගේ මෘත ශරීරය මරණ පරීක්ෂාව සඳහා පොළොන්නරුව මූලික රෝහලට යවා ඇති අතර සිදුවීම පිළිබඳව හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සූර් වැඩිවී ඩ්‍රයිවර් කෝච්චියෙන් බැස දුවලා… මගීන් මහ මග.!

අද පෙ.ව. 10 .40ට කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරා අධික ලෙස බීමතින් සිහිවිකල් ලෙස හැසීරී දුම්රිය මහනුවර නගරයට කිට්ටු සුදුහුම්පොල ප්‍රදේශයේදී නවතා දමා දුම්රියෙන් බැස පලා ගොස් ඇත.

එහිදී දුම්රියේ සිටි මගීන් රියදුරා ලුහු බැඳ ගොස් හසුකර ගෙන, එම දුම්රිය සහාය රියදුරා කැඳවා දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය වෙත ගෙන ඒමට කටයුතු කර ඇත.

පසුව මගීන් එක්ව මහනුවර දුම්රිය ස්ථානයේදී අදාල බීමත් රියදුරා දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට බාරදීමට කටයුතු කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිද්ධිය දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාටද මගීන් හරහා පැමිණිලි කිරීමෙන් පසු, නාවලපිටිය දුම්රිය ප්‍රවාහන අධිකාරී වරයාටද දැනුම් දී අදාළ රියදුරාට එරෙහිව දුම්රිය ආරක්ෂක අංශය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනා බවයි.

මෙම සිදුවීමෙන් කොළඹ සිට පැමිණි දුමිරියේ මගීන්ද කලබලයට පත්වී ඇති බව වාර්තා වේ.

සිදුවීම හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් පමාවී ඇති අතර ඉන් මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බාඅ වාර්තා වේ.

සුපිරි බාස්මතී බත් සුද්දොන්ට විතරයි.!

මෙරටට නැවතත් විදේශීය සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ රජය ඒ සම්බන්ධව කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

පසුගිය පෙබරවාරියේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුවූ හෙයින් පමණක් ආනයනික සහල් සඳහා රජය අවස්ථාවක් ලබාදුන් බවත් මේ වනවිට එසේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන විදේශීය සුපිරි බාස්මතී සහල් අවශ්‍යතාව අනුව ගෙන්වීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පාස්කු සැකකරුවන්ට පොලීසිය වැඳ සමාව ගත් හේතුව මෙන්න.!

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන මාස 6කට වැඩි කාලයක් රඳවා තබා ගැනීම හරහා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේයැයි චෝදනා කරමින් සෙනූල් ආබ්දීන් , සෙනුල් ආබ්දීන් කලීෆාතුල්ලා සහ නූර්ගේ සකරියා යන මුස්ලිම් ජාතිකයින් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ගැනීමේ සිද්ධිය වාර්තා වේ.

එස් තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවා තිබුණි.

මෙලෙස පාස්කු සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට නිදහස් කර සිටින හොරොව්පතාන ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙක්ගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල බෞද්ධ ක්‍රමයට එම පිරිසට ආචාර කර සමාව ඉල්ලා සිටියේය.

මෙම සමාව ඇයදීම සිදුකර තිබුනේ එවක හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව, එම පොලිසියේ පොලිස් සැරයන් ප්‍රේමරත්න, සැරයන් සිසිර, පොලිස් කොස්තාපල් ජයතිලක සහ පොලිස් නිළධාරීන් පිරිසක්.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පුද්ගලයින්ගෙන් යලි ප්‍රශ්න කිරීම් නොකරන බවයි.

කෙසේවෙතත් සැකකාර පිරිස සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය විසින් තීන්දු කර ඇති පසුබිමක පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණි.