මෙරට සාම්ප්‍රදායික පාසැල් ක්‍රමවේදයේ දැවැන්ත වෙනසක් ලබන මාසයේ.!

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලාංකීය පාසැල් අධ්‍යාපන පද්ධතියේ පෙරලිකාර වෙනසක් එළඹෙන මාසයේ සිට සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමඟින් පවත්නා පාසල් වර්ගීකරණය වෙනස්වන බව ද ඒ අනුව ඉදිරියේ දී 1-5 පන්ති පැවැත්වෙන පාසල් ප්‍රාථමික පාසල් ලෙසත්, 6-10 ශ්‍රේණි සහිත පාසල් කණිෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් 10-13 පන්ති සහිත පාසල් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසල් ලෙසත් වර්ගීකරණයට කිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගුරු ස්ථාන මාරු සිදුකිරීම, විදුහල්පතිවරුන් පත් කිරීම ඇතුළු පාසල් පද්ධතියේ පරිපාලනමය ක්‍රියාවලීන් සදහා මෙම නව වර්ගීකරණ ක්‍රියාවලිය වඩාත් පහසු වන බව පෙන්වා දුන් අධ්‍යාපන අමාත්‍යවරයා , මේ සියලු‍ උත්සාහයන් තුළින් බලාපොරොත්තු වනුයේ ඉතිහාසය පුරා මෙරට අධ්‍යාපන පද්ධතියෙහි පීලි පැන තිබූ තැන් නිවැරදි කිරීම බවද අවධාරණය කළේය.

වර්තමාන සමාජ අර්බුද සහ බලපෑම් හමුවේ ළමුන් සම්බන්ධයෙන් සුවිශේෂී වගකීම් දැරීමට ගුරුවරුන්ට සිදුවන බවත්, එමනිසා ඉගැන්වීම් කටයුතුවලට අමතරව ළමුන් සම්බන්ධයෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීමට ගුරුවරුන්ට සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close