අසීමිත බදු කන්දක් සහිතව මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය එළියට එයි.!

ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජාතික ජන බලවේගය ආර්ථික ප්‍රතිපත්තිය නමින් හැඳින්වෙන ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් අදහස් පල කළේය.

පුද්ගලික නිවාස බදු, පුද්ගලික සංචිත සහ පුද්ගලික තැන්පතු බදු, විනෝද බදු, අධි පරිභෝජන බදු, සංචාරක බදු, ගෑස් පරිභෝජන බදු, විදේශ අධ්‍යාපන බදු ආදී අතිවිශාල බදු ප්‍රමාණයක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේගයේ අදහස් නින්දිත අයුරෙන් විකෘති කරමින් සමාජයේ වැරදි මතයක් ගොඩනැගීමට එම ලේඛනය හරහා උත්සාහ දරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එම ලේඛනය යම් විධිමත් ආකාරයෙන් සකස් කරන ලද මඩ ව්‍යාපෘතියක් බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික පර්යේෂණ ඒකකය, NIU ආර්ථික විධායක සභාව ආදී නාමයන් භාවිත කර ඇති එම ලියවිල්ලේ ‘ජාතික ජන බලවේගය අභ්‍යන්තර පරිශීලනය සඳහා පමණයි’ ලෙසත් සඳහන් කර ඇති බව හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඔහු පවසා සිටියේ මෙවැනි කටයුතුවලින් පෙනී යන්නේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විරුද්ධ පිරිස් භීතියට පත්ව ඇති බවයි.

මේ වන විට ජාතික ජන බලවේගය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ මිනින්දෝරු කටයුතු පිළිබඳ ප්‍රතිපත්තිය, ඉංජිනේරු ප්‍රතිපත්තිය සහ පර්යේෂණ සහ සංවර්ධනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තිය පමණක් බවත් ජාතික ජන බලවේගය විසින් යම්කිසි ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් මහජනතාව සමඟ විවෘත සාකච්ඡාවක් ලබාගන්නා බවත්, මෙවැනි ආකාරයේ හොර ලියවිලි කිසිවිටකත් ජාතික ජන බලවේගය සතුව නොමැති බවත් පැවසූ හඳුන්නෙත්ති මහතා විරුද්ධවාදීන් විසින් ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මහජනතාව තුළ භීතියක් ඇති කිරීම උත්සාහ කරන බව අවධාරණය කළේය.

සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ හෝ විදේශීය රටක ජීවත් වන ඕනෑම පුරවැසියෙකුට ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය නම් ජාතික ජන බලවේගයේ නිල වෙබ් අඩවි ඔස්සේ, ජාතික ජන බලවේග කාර්යාල වෙත පැමිණ හෝ ජාතික ජන බලවේගයේ විධායක කමිටුව හරහා ඒ තොරතුරු දැනගත හැකි බවත් මෙවැනි නින්දිත මඩ ප්‍රචාරයන් වලට නොරැවටෙන ලෙසත්ය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close