ඉවසුවා ඇති.. තේරෙන භාෂාවෙන් උත්තර දෙන්න පොලීසිය සූදානම්.!

කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව තමන් දන්නා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා පොලීසිය වෙත දැනුම් දෙන ලෙසත් ඒ සදහා රහසිගත දුරකතන අංකයක් හඳුන්වා දී ඇති බවද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කරයි.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින් මත්ද්‍රව්‍යට හා පාතාලයට එරෙහිව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

පොලිස් කොට්ඨාස මට්ටමින් සමාජ ගතව පවතින මත්ද්‍රව්‍ය මෙන්ම T-56 , පිස්තෝල, රිවෝල්වර, ගල්කටස් වැනි ආයුධවලින් සිදුවන අපරාධ මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට මහජනතාවගේ උදවු අවශ්‍ය බවද පොලිස්පතිවරයා සදහන් කරයි.

එලෙස තොරතුරු ලබා දෙන්නේ නම් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ලබාදීමට සූදානම් බවත් ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි විශ්වාසය තබා එලෙස තොරතුරු ලබාදීම හේතුවෙන් ඔබ පසුපස පාතාලකරුවන් ලුහුබදිනවනම් ඔවුන්ට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය ක්‍රියා කරන බවද සදහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන ඒවාට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පැවති විශේෂ මෙහෙයුම් වැඩසටහනට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close