මල සිරුරු රැගත් යාත්‍රාව තංගල්ලට.!

යම් රසායනික ද්‍රව්‍යක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ධීවරයින් 04 දෙනොගේ මළ සිරුරු රැගත් යාත්‍රාව අද (03) උදෑසන තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බව වාර්තා වේ.

කාර්මික දෝෂයට ලක්ව තිබු එම “ඩෙවොන් 05” යාත්‍රාව තවත් යාත්‍රාවක මගින් ඇදගෙන තංගල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.

එම ධීවරයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් අදාළ මළ සිරුරු යාත්‍රාවේම තැබීමට කටයුතු කර ඇති බව තංගල්ල පොලීසිය පැවසීය.

මහෙස්ත්‍රාත්වරයා පැමිණ මල සිරුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුරු තංගල්ල රෝහල වෙත රැගෙන යාමට නියමිත බව තංගල්ල පොලීසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close