ධීවරයින් 5ක් බිලි ගත් “ඩෙවෝන් පුතා ” ඛේදවාචකයේ අඳුරු හෙළිදරව්ව.!

ජූනි මස 6 වෙනිදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගිය “ඩෙවෝන් පුතා 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විශේෂිත බෝතකයක් විදෙස් මත්පැන් බෝතලයක් යැයි සිතා පානය කිරීමෙන් සුලු මොහොතකට පසු යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස කටයුතු කල ධීවරයා ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.

ඉන් අනතුරුව ධීවරයින් කණ්ඩායමේ සිටි එක් එක් ධීවරයින් අසාධ්‍ය තත්ත්වයට පත්වූ අතර, තොරතුරු ගොඩබිමට දැනුම්දීමෙන් පසු එම කණ්ඩායම මුදා ගැනීම සඳහා නාවික හමුදාව සහ ධීවර අමාත්‍යාංශය එක්ව මෙහෙයුම් කිහිපයක් ආරම්භ කළේය.

කෙසේවෙතත් ඒ වනවිට ශ්‍රී ලංකාවට නාවුක සැතපුම් 320ක් ඔබ්බෙන් වූ දකුණු මුහුදේ තිබූ අදාල ධීවරයින් පිරිස රැගත් යාත්‍රාව වෙත කඩිනමින් ලඟාවීමට නොහැකි වූ අතර දිනෙන් දින ගතවෙද්දී බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනාගෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

පසුව නාවික හමුදාව විසින් සිදුකළ දැනුම්දීමක් අනුව අසාධ්‍ය තත්වයේ සිටි 5 වන ධීවරයා වෙළඳ නෞකාවකින් බේරාගෙන ගොඩබිම වෙත රැගෙන එමින් සිටිය දී නැව තුළ දී ජීවිතක්ෂයට පත්විය.

එම පිරිසෙන් දැනට ජීවතුන් අතර සිටින එකම ධීවරයා රැගත් විජයබාහු නෞකාව ජුලි මස 01 වෙනිදා හම්බන්තොට වරායට සේන්දු විය.

ඉතිරි ධීවරයින් හතරදෙනාගේ දේහයන් රැගත් ඩෙවෝන් 5 බහුදින යාත්‍රාව හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙනත් යාත්‍රාවක් යොදාගෙන ඩෙවෝන් පුතා යාත්‍රාව ගොඩබිම වෙත ඇදගෙන ඒමට පසුව කටයුතු කෙරුණු අතර ධීවර යාත්‍රාව තංගල්ල ධීවර වරායට ඊයේ (03) උදේ 7.30 ට පමණ සේන්දු විය.

ධීවරයින් කණ්ඩායම විසින් අදාල රසායනික ද්‍රව්‍ය පානය කිරීමට පෙර එම බෝතලය සමඟ ජීවිතක්ෂයට පත් වූ ධීවරයන් හා මේ වන විට රෝහල්ගතව සිටින ධීවරයා සෙල්ෆි ඡායාරූපයක් ගෙන ඇති අතර එය එම ධීවරයාගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.

ධීවර කණ්ඩායම විසින් ජූනි මස 29 වෙනිදා ගැඹුරු මුහුදේ පන්න කරමින් සිටින අවස්ථාවේදී දුඹුරු පැහැති මත්පැන් බෝතලයකට සමාන බෝතලයක් මුහුදේ පාවෙමින් තිබෙණු එක් ධීවරයෙක් දැක ඇත.

පසුව එම බෝතලය ආසන්නයට යාත්‍රාව රැගෙන ගොස් එක් ධීවරයෙකු මුහුදට පැන බෝතලය රැගෙන නැවතත් යාත්‍රාව වෙත පැමිණ තිබේ.

යාත්‍රාවට ගෙන ආ බෝතලය පරීක්ෂා කිරීමේදී එහි ලේබලයේ ස්ථානයක ‘Alcohol’ යන නාමය සඳහන් වීම හේතුවෙන් මෙම පිරිස මේ මත්පැන් බෝතලයක් බව තීරණය කර ඇත.

පසුව එක් ධීවරයෙක් ඉන් ස්වල්පයක් පානය කර ඇති අතර එහිදී මත්පැන්වලට සමාන රසක් දැනීම සහ ගන්ධයද මත්පැන් ගන්ධයට සමාන වීම හේතුවෙන් මත්පැන් බවට තහවුරු කරගෙන අනෙක් සියලු ධීවරයින්ද බෝතලයෙන් ඇති රසායනික ද්‍රව්‍ය පානය කර ඇත.

කෙසේ වෙතත් එම බෝතලයේ ලේබලයේ සඳහන්ව තිබී ඇත්තේ ‘මෙතිල් ඇල්කොහොල්’ ලෙස වූවත් ‘මෙතිල් ඇල්කොහොල්’ යනු පානයට නුසුදුසු විෂ රසායනි ද්‍රව්‍යයක් බව එම පිරිස හඳුනාගෙන නොමැත.

එම විස රසායන ද්‍රව්‍ය පානය කිරීමේදී මුලදී හොඳ මත් ගතියක් දැනීම හේතුවෙන් ඔවුන් සම්පූර්ණ බෝතලේම පානය කර අවසන් කර ඇත.

කෙසේවෙතත් පළමු ධීවරයා රසායන ද්‍රව්‍ය පානයෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන අවස්ථාව වන විට සම්පූර්ණ බෝතලයම පානය කර අවසන් වී ඇති බවත් අනෙක් සියලු දෙනා ඒ විස රසායනික ද්‍රව්‍යයක් බව හඳුනාගෙන ඇත්තේ ඒ මොහොතේ බවත් වාර්තාවේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close