සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක රිය අනතුරකින් මරුට.!

මුලතිව් සිට වව්නියාව දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටි මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් ඊයේ (27) දින සවස ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් ඇත.

එම ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝදරථයක් පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි ඕමන්ත පොලීසිය සදහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ ද ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close