ජනාධිපතිවරණය පැවැත්වීම අවිනිශ්චිතයි.. ව්‍යවස්ථාව අපහැදිලියි.!

ජනාධිපතිවරණය අධිකරණමය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කල් යාවිද යන්න පැවසීම මේ මොහොතේ අවිනිශ්චිත බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමක ශ්‍රේෂ්ඨාධිකරණයය මඟින් තීන්දුවක් ලැබෙන තුරු කිසිවක් තීරණය නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ (03) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් සිදුකළ සංශෝධනය හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් අපැහැදිලිතාවක් නිර්මාණය වී තිබෙන බව මහාචාර්යවරයා පෙන්වා දුනි.

1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 06ක් ලෙස සඳහන් කර තිබුණද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයේ 03වන පරිච්ඡේදය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 – 02 වගන්තිය සංශෝධනය කර තිබේ

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ එසේ සඳහන්වූවද එතුළින් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන්නේ අවුරුදු 05න්ද නැත්නම් 06න්ද යන කරුණ සම්බන්ධයෙන් අපහැදිලිතාවක් මතුවී තිබෙන බවත් වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වී ජනාධිපතිවරණය පැවැත්විය යුතු දින සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇති බවත්ය.

කෙසේ නමුත් පවතින ආණ්ඩුක්‍රම විවස්තාව ප්‍රකාරව ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය හිමිවන බව පැවසේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close