ගෝඨා සහ පියුමිගේ ලක්ෂ 780ක ගනුදෙනුව හෙළිවෙයි.!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් භාවිතා කළ CBM 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි විසින් පසුගිය 2021 වර්ෂයේදී මිලදී ගැනීමේ ගනුදෙනුව රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බව සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

පියුම් හංසමාලි විසින් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවා පසුව අවස්ථා කිහිපයකදී එහි ඉතිරි මුදල් ගෙවා ඇති බව ඇයගේ වත්කම් පිළිබඳව සිදුකරන පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ අලෙවි විධායකයකුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් පියුම් හංසමාලි විසින් 2023.03.07 දින ලබාගත් බවත් එම මුදල දිනකට රුපියල් 33,425 බැගින් අවුරුදු එකක කාලයක් තුළ ගෙවීමට ලබාගත් බවද සදහන් කර ඇත.

ඒ අනුව පියුම් හංසමාලි විසින් මසකට මිලියනයකට ආසන්න වාරික කොටස් ගෙවා 2023 ජුනි (30) වනදා සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර ඇති බවත් අනතුරුව 2023.07.24 දින ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේම ඇය තවත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් ලබාගත් බවද සදහන් කරයි.

එම මුදල 2023.12.18 දින ගෙවා අවසන් කර ඇති බවත් තුන්වන වරට 2023.12.19 දින රුපියල් ලක්ෂ 450 ක මුදලක් ගොනු දෙකක් වශයෙන් ලබාගත් බවත් එම මුදලෙන් ලක්ෂ 250ක මුදල ෆිනෑන්ස් පහසුකමක් යටතේ ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේද ලබාගත් බවත් ඉන් රුපියල් ලක්ෂ 250 ක මුදල මාසිකව රුපියල් 2,327,847 බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට ලබාගත් බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close