ආණ්ඩු පක්ෂ රැස්වීමේදී අඬු කඩාගත් ගුණතිලකට සැත්කමක්.!

මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් පහර කෑමෙන් පසු නාරාහේන්පිට යුධ හමුදා රෝහලට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ සැත්කමකට භාජනය වී ඇති බව පැවසේ.

එම මන්ත්‍රීවරයාගේ දකුණු පාදයේ අස්ථියක් බිදී ඇති බව යුද හමුදා රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීමෙන් අනතුරුව මහින්දානන්ද මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ පහරදීමක් සිදු නොවූ බවත් ලිස්සා වැටීමක් පමණක් සිදුවූ බවත් ය.

කෙසේවෙතත් පහර කෑ බව කියනා ගුණතිලක මන්ත්‍රීවරයා කියාසිටියේ මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට එක දිගට පහරදීගෙන ගිය බවත් ඉන් පසු තමා ඇදවැටුනු බවත්ය.

මෙම රැස්වීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් සමඟ ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන්කිරීම් සම්බන්ධයෙන් ගැටලූවක් මුල්කර ගනිමින් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ගුණතිලක මන්ත්‍රීවරයාට පහරදුන් බව පැවසේ.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close