ජනතාව රෝහල්ගත වීම ඉහළට.. සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්.!

කලාපයේ රටවල් සමග සැසදීමේදී වැඩිපුරම රෝහල් සහ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමට පැමිනෙන්නේ මෙරට ජනතාව බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරයි.

මිලියන 55 ක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමටත්, තවත් මිලියන 55 පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන අතර විශාල ලෙස ජනතාව රෝහල් වලට පැමිනීමෙන් පෙනී යන්නේ මෙරට ක්‍රියාත්මක රෝග නිවාරණ අංශයේ සහ රෝහල් වල ලබා දෙන ප්‍රතිකාර වල යම් ගැටලු සහගත තත්ත්වයක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.

එම නිසා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සහ රෝගීන්ට රෝග ඇතිවීම වැළැක්වීමේ වැඩසටහන් ශක්තිමත් කල යුතු බවත් වසරකට එක් පුරවැසියෙක් හය වතාවක් ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට පැමිණෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.

ගෝලීය දත්ත විමසීමේදී රෝගියාට ලබා දෙන ඖෂධ වගින් ඇතිවන ගැටලු නිසා සියයට විස්සක් පමණ රෝහල් වලට පැමිණෙන බවත් මෙරට රෝහල් වලටත් එවැනි රෝගීන් පැමිණෙන බවත් රෝහල් ගත විම අතින්ද ශ්‍රී ලංකාවේ රෝහල් ගත වීම ඉහල අගයක් ගන්නා බවත් එය ලක්ෂයකට දෙසිය තිස් හතරක් බවද සදහන් කරයි.

එනිසා රෝගී සුරක්ෂිතතාවය ඉතාම වැදගත් වන බවත් ගුණාත්මක සහතිකයක් (Quality Assurance), රෝගී සුරක්ෂිතතාවයක් (Patient Safety) සදහා ක්‍රියාත්මක වැඩසටහන් ශක්තිමත් කිරීම අවශ්‍ය බවත් බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරන කාළ සීමාව වැඩි කලහොත් රෝගීන් රෝහල් ගත වීම අඩු වීමට හැකියාවක් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කරයි.

රෝහල්වල Independence actualization Counsil ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බවද, මෙයින් ගුණාත්මක රෝගී ප්‍රතිකාර සේවාවක් ඇතිකිරීම තම අදහස බවද මාතලේ සහ දඹුල්ල රෝහල් නිරීක්ෂණයට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close