මේ මාසයේදී ඊශ්‍රායල් රැකියා 1064 ක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව.!

මෙරට සහ ඊශ්‍රායලය අතර ඇති ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව 2023 වසරේ දෙසැම්බර් සිට මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, මේ වන විට ශ්‍රි ලාංකිකයින් 1666ක් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් ඇත.

එරට කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පමණක් මෙම වසරේ මාර්තු මාසයේදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 1064 දෙනෙකු පිටත් කිරීමට හැකිවූ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ඊශ්‍රායල් රජයේ නිළධාරීන් අතර රාජතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවී ඇතිබව සදහන්.

මෙම රැකියා අවස්ථා රජය මැදිහත්වීමෙන් ලබාදෙන අතර ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු තුන්වන පාර්ශවයකට මුදල් ලබා දීමෙන් වලකින ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකාර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එවැනි මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳ තොරුතුරු දන්නේ නම් ඒ පිළිබඳ විදේශ රැකියා අමාත්‍යාංශය වෙත තොරතුරු ලබා දෙන මෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close