රඹුක්වැල්ල පවුලේ මිලියන 93ක ස්ථිර තැම්පතු 16ක් තහනම් කරයි.!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු සතියක කාලයක් සඳහා තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක් සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දූවරු තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයාට අයත් පෞද්ගලික බැංකුවක රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි දින 7ක් සඳහා මෙම තහනම් නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණය යටතේ මෙම තහනම පැනවූ බවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කරගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට කටයුතු කරනා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close