රටට බරක් වූ මත්තල රුසියාව සහ ඉන්දියාවට බෙදෙයි.!

වර්තමානය වනවිට අතිවිශාල පාඩුවක් ලබමින් පවතින මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොලේ කළමනාකාරීත්වය තවත් නොබෝ දිනකින් රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබාදීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

“මෙරට පවතින නීතියට අනුකූලව වෙනත් සමාගමකට ලබාදිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49%ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව ඉතා අඩුයි. ඒ සඳහා ඉදිරිපත් වූයේ සමාගම් 6ක් පමණයි. ඒ අතරින් ගැලපෙන සමාගමක් අපට හමු වුණේ නැහැ. දේශීය ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු වෙනවා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close