තනි පුද්ගලයකුගේ මාසික වියදම තවත් ඉහළට.!

තනි පුද්ගලයෙකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට රුපියල් 16,524ක් ලෙස සටහන්ව තිබු අතර එය මේ වසරේ ජනවාරි මාසය තුළ රුපියල් 17,014ක් ලෙස ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එක් පුද්ගලයෙකුට මසකට වැය වන මුදල දිස්ත්‍රික්ක මට්ටමින් ගණන් බලා ඇති අතර වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ට වන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඒක පුද්ගල මාසික වියදම රුපියල් 18,350ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 18,256ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 17,892ක් ලෙස සටහන්ව ඇති අතර අවම ඒක පුද්ගල වියදම මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 16,268ක් බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Loading

 
 
 
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close