උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට.!

එළඹෙන අලුත් අවුරුදු උත්සව සමය සඳහා කිසිඳු හිඟයකින් තොරව එළවළු වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍යය භාණ්ඩ අඩු මිලකට ලබාදෙන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු සදහන් කරයි.

ළූණු අපනයනය ඉන්දියාව, පාකිස්ථානය නතර කිරීමත් සමග චීනයෙන් ළූණු ආනයනයට රජය යොමු වූ බවත් විකල්පයක් ලෙස රෝස නැමැති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ආනයනය සදහා රුපියල් 80ක්ව පැවැති ආනයනික බද්ද රුපියල් 10ක් දක්වා අඩු කළ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව ලොකු ළූණු කිලෝවක් රුපියල් 400 – 450ත් අතර මිලකට, රතු ළූණු කිලෝවක් රුපියල් 200 – 210ත් අතර මිලකට, රෝස ළූණු කිලෝවක් රුපියල් 300 – 325ත් අතර මිලකට අලෙවි වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close