පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

කිසියම් හෝ සැකකටයුතු දෙයක් නම් හැකි ඉක්මනින් 119, 118 සහ 1927 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ජනතාවට දැනුම්දීමක් කරයි.

දිවයින පුරා පිහිටි කිතුණු දේවස්ථාන 2,978කින් පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන 2,230ක ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීන් 6,837ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 464 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,882 ක් යොදවා තිබෙන බවද සදහන් කරයි.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවද සදහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close