Onmax DT වංචාවෙන් පසු දිගින් දිගටම වාර්තා වන ඛේදවාචක.!

මෙරටතුල ක්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් ලෙස සැලකෙන Onmax DT සමාගමේ මුදල් ආයෝජන කළ පුද්ගලයින් කිහිපදෙනෙක් මේ වනවිටත් සියදිවි හානි කරගෙන ඇති බව එම තැම්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක විජේවර්ධන මහතා පවසයි.

මෙම වංචාවට හසු වූ බොහෝ පිරිසක් එම ආයෝජනයන් සිදුකර ඇත්තේ තම වත්කම් විකිණීමෙන් ලබාගත් මුදල් බවත් එම මුදල් අහිමිවීමෙන් පසු ඇතිවූ කම්පනය සහ පීඩනය මත මෙම සියදිවි නසාගැනීම් සිදුවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Onmax DT ආයතනය මෙරට පුද්ගලයින් ලක්ෂ 4කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 3500කට අධික මුදලක් වංචාකර ඇති බවත් මේ තවදුරටත් අනාවරණය නොවූ වත්කම් රැසක් එම සමාගම සතුව පවතින බවත් එම තැම්පත් කරුවන්ගේ නියෝජිතයන් පැවසීය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close