අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක්.!

අවුරුදු 60 දී හෙද හෙදියන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කරයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

එහිදී හෙද හෙදියන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත්දා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව පවතින බවද පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.

එම අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා නීතිපති ඇතුළු 24 දෙනෙකු නම් කර ඇත.

අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බවද සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close