ජනවාරි 01 සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන ලබා ගැනීම සදහා ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ඇති නිසා මෙම පියවර ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.
අත්‍යාවශ්‍යම කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවද ඔහු සදහන් කරයි.