පාසැල් කටයුතු අඩාල වෙන ලකුණු.. වෘත්තීය සමිතිවලින් විශේෂ දැනුම්දීමක්.!

ගුරු විදුහල්පති වෘත්තීය සමිති විශේෂ දැනුම්දීමක් සිදුකරමින් පවසා සිටින්නේ තම ඉල්ලීම් ලැබෙන තුරු සටන අත්නොහරින බවයි.

ඔවුන් සඳහන් කළේ පසුගියදා පැවති උද්ඝෝෂණය පාසල් වේලාවෙන් පසුව පාසල් ඉදිරිපිට සිදුකළ ද තම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් පාසල් වේලාව තුළ උද්ඝෝෂණ සිදුකිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම එළැඹෙන සිකුරාදා දිවයින පුරා සියලු වෘත්තීය සමිති කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම සංගමය පැවසීය.

පසුගිය (01) වෙනිදා ඔවුන් පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක ද නිරත වූ අතර (2) වෙනිදා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත විය. 

කෙසේ වෙතත්, තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග තිව්‍ර කිරීමට කටයුතු කරන බවත් දෙමාපියන් මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close