සියලුම ගොවීන්ට පොහොර නොමිලේ.!

සියලුම වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බවත් එන කන්නේ සිට කන්න දෙකක් එලෙස පොහොර ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලංකාවට ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“පොහොරවල කිසිදු හිඟයක් නැහැ. යූරියා, බංඩි පොහොරත් ඇති වෙන්න තියෙනවා. අපිට විකුණ ගන්නත් බැරි තරමට තියෙනවා. හිඟයක් නෙවෙයි තියෙන්නෙ මං හිතන්නේ පොහොරවලට මුදල් එන්නෙ නැති ප්‍රශ්නෙ.

මේ වතාවේ දැන් අපි මුදල් මේ වනවිට බිලියන 11ක් විතර ගොවියන්ගේ ගිණුම්වලට යවලා තියෙනවා. තව ඉතාමත් සුළු  ප්‍රමාණයක් ගිණුම් අංක වැරදීම්, නම්වල වැරදීම් ඒ වගේ දේවල් නිසා සුළු ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. ඒ හැමෝටම අපි ලබා දෙනවා. ඒ වගේම එන කන්නේ සිට කන්න දෙකක් බංඩි පොහොර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා.

අපිට ලැබිල තියෙනවා දැනටමත්. පොහොර සඳහා මං ගිවිසුම අත්සන් කළා.  මාසයක් යනවිට අපිට පොහොර එනවා. පහුගිය වතාවේ මඩ පොහොර දුන්න වගේම කන්න දෙකකට අපේ ගොවීන්ට බංඩි පොහොර ලබා දෙනවා. මොකද අපේ ගොවි ජනතාවට අපි උදව් කරන්න ඕන.” 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close