රටේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අද (09) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි.
රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ හෝ පක්ෂ කවුරු ගත්තත් එයින් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය හිමි වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන සදහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන තවදුරටත් සදහන් කළේ,
“සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්, ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි,දි 30යි ඇතුළත වෙන්ව පුලුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ.
හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ. රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය හිමි වෙනවා.”