මහනුවර ප්‍රදේශයේ තරුණියකට විවාහ පොරොන්දු ලබා දී මුදල් වංචා කළේයැයි, හිටපු පා.ම රංජන් රාමනායකට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරී ඇති නඩුව ලබන ජුනි මස 12 වනදා තෙක් කල් තබා තිබේ.
එම නඩුවේ තීන්දුව එදිනට ලබාදෙන බවද මහේස්ත්‍රාත් වරයා දැනුම්දී තිබේ.