ජනාධිපති ලේකම් කාර්යාල 25ක් දානවා.. සජිත් ජනපතිගෙන් ඉක්මන් විසඳුම්.!

සමගි ජනබලවේගය පොළොන්නරුවේ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කවල ජනාධිපති ලේකම් කාර්යාලයන්හි උප කාර්‍යාල ආරම්භ කරනා බවයි.

එතුමා වැඩිදුරටත් පැවසූවේ ඉන් පසු ජනතාවට තම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා තම ගැටලුවට කාර්යක්ෂම විසඳුමක් ලබා ගත හැකි බවයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම නායකයෙක් විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් තමා මෙන් වැඩ නොකළ බවත් තමන් ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට පටන් ගත්තේ විපක්ෂයේ සිට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading

5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close