නව මහලේකම්ට දැඩි ආරක්ෂාවක්.. පොලීසියෙන් නිදස් පක්ෂ මූලස්ථානයේ වටලයි.!

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

දයාසිරි ජයසේකර මහතා අද (5) වැඩ බාරගැනීමට නියමිත හෙයින් එය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ පිරිස් උත්සාහයක නිරතවන බවට එතුමා විසින් පොලිස්පති වරයාට කළ දැනුවත් කිරීමට අනුව මෙම ආරක්ෂාව යොදවා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගෙන්ට අද මූලස්ථානය වෙත පැමිණෙන ලෙස එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක්ද කර තිබුණි.

කෙසේවෙතත් පක්ෂ මූලස්ථානය අවට නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ආරක්ෂාව යෙදවූ බව පොලිස් මූලස්ථානය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close