කෙහෙලිය

පලතුරු යුෂ මිරිකන යන්ත්‍ර යොදාගෙන කෙහෙලිය ඇතුළු පිරිස බාල බෙහෙත් හදලා.!

පලතුරු යුෂ මිරිකන යන්ත්‍ර යොදාගෙන කෙහෙලිය ඇතුළු පිරිස බාල බෙහෙත් හදලා.!

තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති ආකාරයට පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරනු ලබන සමාගමක් විසින් එම ඖෂධ මෙරටදී නිෂ්පාදනය කර තිබේ.

එම වාර්තාවෙන් වාඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාල ආයතනය විසින් කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාල යන්ත්‍රෝපකරණ මෙරටට ආනයන කර නොමැති බවත්, 2017-2021 කාල සීමාවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණයක්, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා මෙරටට ආනයනය කර ඇති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාල සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී එම සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට අදාල කිසිදු පහසුකමක් නොතිබුණු බව සනාථ වී ඇති බවටද විගණකාදිපතිවරයා තම වාර්තාවේ දක්වා ඇත.

එම වාර්තාව පහතින,

Loading

කෙහෙලිය ඇතුළු නඩයේ ඇප ඉල්ලීමට උසාවියෙන් සැර පිළිතුරක්.!

කෙහෙලිය ඇතුළු නඩයේ ඇප ඉල්ලීමට උසාවියෙන් සැර පිළිතුරක්.!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිදුවීම පිළිබඳ නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (14) යළි කැඳවනු ලැබීය.

එම සිදුවීමට අදාළව මාස 07ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසගේ ඇප ඉල්ලීම මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙ විසින් අදත් (14) ප්‍රතික්ෂේප කළේ නැවතත් එම පිරිස ජුනි 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරමිනි.

මේ අතර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම්දුන්නේ ලියාපදිංචි නොකළ සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් අවසන් නඩු වාරයෙන් පසු මේ දක්වා සිදුකළ විමර්ශන පිළිබඳ කරුණු අධිකරණ හමුවේ මෙසේ ඉදිරිපත් කරන ලදී.

“ස්වාමිනි, දැනට සිදුකළ විමර්ශනවලදි හෙළිවෙලා තියෙනවා, මෙම ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීමට සති කිහිපයකට පෙර එවකට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වූ මෙම නඩුවේ 12 වන සැකකරු වන විජිත් ගුණසේකර පෞද්ගලිකව මෙම කර්මාන්ත ශාලාවේ ස්ථානීය පරීක්ෂණයක් කර ඇති බව. එමෙන්ම අපි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු සඳහන් කළේ ඔහු රාජකාරි කටයුතුවලදි නිල මුද්‍රා 2ක් පමණක් භාවිත කළ බව. එහෙත් ඔහු මුද්‍රා 12ක් භාවිත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. මේ අතර පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඇප අයදුමක් ඉදිරිපත් කළා. ස්වාමිනි නාසා එකෙත් ලංකාවේ විද්‍යාඥයෝ ඉන්නවා. ඔවුන් යම් සොයාගැනීමක් කළොත් විශිෂ්ටයි. නමුත් විද්‍යාඥයෙක් වන මගේ සේවාදායකයා ඖෂධයක් නිෂ්පාදනය කළ පමණින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.ජාතික ඖෂධ නියාමන අධිකාරිය පැහැදිලිව දැන හිටියා මොහු මේ ඖෂධය මෙරට තුළ නිෂ්පාදනය කරන බව. දැනටම මගේ සේවාදායකයා මාස 07ක් රිමාන්ඩ් භාරයේ ඉන්නේ. එබැවින් එය සුවිශේෂි කරුණක් ලෙස සලකා මොහුට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා “

එම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ,

“මාල කඩපු සාමාන්‍ය නඩුවක් නෙමෙයි මේක. සැකකරුවන් මාස 07ක් රිමාන්ඩ් භාරයේ සිටියත් ඇප ලබාදීමටනම් සුවිශේෂි කරුණු ඉදිරිපත් විය යුතුයි. එබැවින් අධිකරණය ඉතා විනිවිඳභාවයෙන් දෙපාර්ශ්වයේම කරුණුවලට අවධානය නිකුත් කරලයි තීන්දු තීරණ ගන්නේ.”

නැවත මෙම නඩුව ජුනි මස 28වැනිදා කැඳවීමට නියෝග කරනා ලදී.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close