විවාද

අනුරගේ ඒකපාර්ශවීය විවාදයේ තිර පිටපත ඡායාරූප සහිතව මරික්කාර හෙළි කරයි.!

අනුරගේ ඒකපාර්ශවීය විවාදයේ තිර පිටපත ඡායාරූප සහිතව මරික්කාර හෙළි කරයි.!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පසුගියදා ස්වාධින රුපවාහිනිය ඔස්සේ විකාශය වූ ඒකපාර්ශවීය විවාදය පිළිබඳවද අදහස් දැක්වීය.

ස්වාධීන රුපවාහිනියේ සභාපතිවරයා ජාතික ජන බලවේගය විධායක සභික ලාල්කාන්ත සමඟින් සිටිනා ඡායාරුපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ ඔවුන් විසින් නිර්මාණය කළ තිර පිටපතකට අනුව එම ඒකපාර්ශවීය විවාදය පැවැත්වූ බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ,

මෙම විවාදය පැවැත්වෙන්නේ ප්‍රධානතම ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර නිසා අප ඔවුන්ව දැනුම්වත් කළේ මේ සඳහා ස්වාධින නිරීක්ෂකයන් අවශ්‍ය බවටයි.

ඒ සඳහා සජබ විසින් යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයයි. එමෙන්ම එම විකාශය සියලු මාධ්‍ය ආයතන සඳහා විවෘත කරන ලෙස සජබය යෝජනා කර තිබියදී ආණ්ඩුව යටතේ පවතින මාධ්‍ය ආයතනයක එය විකාශය කිරීමත් ඊට අනුර කුමාර දිසානායක මහතා සහභාගීවීමත් කැපිපෙනෙන සිදුවීමක්.

එහිදී මරික්කාර් මන්ත්‍රීවරයා අභියෝග කළේ හැකිනම් ආර්ථික කමිටු විවාදයද ඒ හා සමානවම පවත්වන ලෙසයි. සමගි ජන බලවේගය විසින් ආර්ථික කමිටු විවාදය යෝජනා කළ දිනයෙන් පසු තමා මෙරට කිසිදු මාධ්‍යයක විවාදයක හෝ සාකච්ඡාවක සුනිල් හඳුන්නෙත්ති මහතා නොදුටු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ස්වාධින රුපවාහිනියේ සභාපතිතුමන් ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු බවත්, විවාදය මෙහෙයවූ මාධ්‍යවේදියා රාජපක්ෂවරුන් හා සම්බන්ධව සිට සිරගත වූ චරිතයක් බවද මන්ත්‍රීවරයා සිහිපත් කර දෙන ලදී.

ජනාධිපති උපදේශකවරුන්, ජවිපෙ හා එක්ව සංවිධාන කළ විවාදයකට ආරාධනා කර පමණින් අප සහභාගී විය යුතු නැතැයි මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Loading

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

විවාදයේ වංචාවක් කළැයි සජිත් පිල CID යයි.!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා රාජ්‍ය රූපවාහිනී ආයතනයක ඒකපාර්ශ්වික සංවාදයකට සහභාගි වූ අතර එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග පෙර සූදානම් කරන ලද ආකාරයේ ඇඟවෙන ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායම් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විපක්ෂ නායකවරයාගේ අත්සන සහ ලිපි ශීර්ෂය ව්‍යාජව සකස් කර එම විවාදයට විපක්ෂ නායකවරයා සහභාගි වීමට නියමිතව සිටි බව ලිපියෙන් අඟවා ඇති බව පැවසේ.

මීට පෙර අවස්ථාවකදී විපක්ෂ නායකවරයා ජාතික ජන බලවේගය සමග විවාදය ප්‍රතික්ෂේප කළ බව ඇඟවෙන ආකාරයේ තවත් ලිපියක් සම්බන්ධයෙන්ද එම පැමිණිල්ලේ කරුණු දක්වා ඇත.

ව්‍යාජ ලිපි දෙක පිළිබඳව වහාම විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ නීතිඥ සංගමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි ගොනු කළේය.

එම සංගමය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නීති ලේකම් බුද්වින් සිරිවර්ධන එම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඔහු කියාසිටියේ සජිත් ප්‍රේමදාස වෙත සාධාරණය ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් මෙම පැමිණිල්ල සිදු කළ බවයි.

Loading

අනුර සජිත් මහා විවාදය අද රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියෙන්.!

අනුර සජිත් මහා විවාදය අද රාත්‍රී 10ට ස්වාධීන රූපවාහිනියෙන්.!

දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් වී ඇති ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස අතර යෝජිත විවාදය අද (06) දිනයේ පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව වාර්තා වේ.

ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාගේ අත්සනින් යුතු ලිපි දෙකක් මගින් අනුර සහ සජිත් පාර්ශවයන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ, (06) වැනිදා රාත්‍රී 10.00ට ස්වාධීන රූපවාහිනී HD මැදිරිය තුළ යෝජිත විවාදය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

සභාපතිවරයාගේ ලිපියට පිළිතුරු දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ලිපියක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අද දිනයේ විවාදය සඳහා සූදානම් බවයි.

එමෙන්ම එම විවාදය සඳහා සමග ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් ද යන්න තම පක්ෂය වෙත කඩිනමින් දැනුම් දෙන ලෙසත් නලින්දි ජයතිස්සගේ අත්සනින් යුත් එම ලිපිය මඟින් ITN සභාපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

එම ලිපියට නැවතත් පිළිතුරු ලිපියක් සපයමින් ITN සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමසා සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙත යැවූ ලිපිය සඳහා මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

කෙසේ වෙතත් ස්වාධීන මාධ්‍ය ජාලය සඳහන් කරන්නේ අද (06) දිනයෙහි එම විවාදය සඳහා පක්ෂ නායකයින් සහභාගී වේ නම් විවාදය පැවැත්වීමට තම ආයතනය සූදානම් සිටිනා බවයි.

Loading

සජිත් අහිංසකයෙක්.. එතුමට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට.!

සජිත් අහිංසකයෙක්.. එතුමට කරදර කරන්න එපා මම එන්නම් විවාදෙට.!

අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මව්බිම ජනතා පක්පක්ෂයේ නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර කියා සිටියේ, 6 වැනිදා යෝජිත විවාදය සඳහා සජිත් ප්‍රේමදාසට කරදර නොකරනා ලෙසත් එතුමා අහිංසකයෙක් බවත්ය.

එමෙන්ම ඉහු වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක සමඟ තමාට සාකච්ඡාවක් අවශ්‍ය බවත් සජිත් නොඑනා විවාදයට දිලිත් ජයවීර සහභාගී වීමට කැමති බවත්ය.

තමා අනුර කුමාර දිසානායකගෙන් කිසිදු අමාරු ප්‍රශ්නයක් නොඅසනා බවත් නමුත් ඔහුට තමාගෙන් නයා ගැන, පැණිය ගැන සහ ඇන්ටිජන් ගැන කොන්දේසි විරහිතව ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි බවත් දිලිත් ජයවීර පැවසීය.

Loading

මාලිමාවට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නෑ.. හර්ෂ කියයි.!

මාලිමාවට ආර්ථිකය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නෑ.. හර්ෂ කියයි.!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර සිටියේ ස.ජ.බ සහ ජා.ජ.බ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදයක් සඳහා කරන ලද ආරාධනාව ජාතික ජන බලවේගය විසින් මග හරිමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවයි.

ඔහු කියාසිටියේ මහජනතාවට කණ්ඩායම් දෙකේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැන ගැනීමට අවස්ථාව ලබා දිය යුතු නමුත් ජාතික ජන බලවේගය ඒ සඳහා එතරම් උනන්දුවක් නොමැති බවත් ඔවුන්ට ආර්ථිකය සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ඇතිදැයි සැකයක් පවතින බවත්ය.

එමෙන්ම මන්ත්‍රීවරයා කියාසිටියේ, සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වන විටත් එළි දක්වා ඇති නමුත් ජාතික ජන බලවේග ප්‍රතිපත්තිය කුමක්දැයි පැහැදිලිතතාවයක් මෙතෙක් කිසිවෙකුත් නොදන්නා බවත් එම පක්ෂයේ විවිධ පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ පල කරමින් සිටින නමුත් එක නිශ්චිත වැඩපිළිවෙළක් හෝ ස්ථාවරයක් ඔවුන් මෙතෙක් එළි දක්වා නැති බවත්ය.

කෙසේ වෙතත් මෙම ආර්ථික කමිටු විවාදය සඳහා සහභාගී වන ලෙස ඔහු තවදුරටත් ජාතික ජන බලවේගයට ආරාධනා කරන සිටින බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Loading

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

විවාද පොරය අවසන්.. මාලිමාව නිල වශයෙන් ඉවත් වෙයි.!

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියාසිටින්නේ සමගි ජනබලවේගයට මීට පෙර දැනුම්දී තිබූ ආකාරයටම 20වැනිදාගෙන් පසුව එම විවාදය පැවැත්වීමට තම පක්ෂය එකඟ නොමැති බවයි.

හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමා වෙත එම ස්ථිර කිරීමේ ලිපිය ලැබී තිබුනේ ඊයේ (19) පස්වරුවේ බවත්, 20 වැනිදාට පෙර විවාදය පැවැත්වීම මූලික කොන්දේසියක් වන බවත් එම කොන්දේසිය කඩවීම මත 20 වැනිදාගෙන් පසුව විවාදය නොපැවැත්වෙන බවත් ය.

නමුත් සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගයට යොමු කළ ලිපියේ දිනය සඳහන්ව තිබුනෙ 17 වෙනිදා ලෙස යි. එය නලින්ද ජයතිස්ස වෙත ලැබීමට දින දෙකකටත් අධික කාලයක් වැයවී ඇති බව පෙනී යයි.

එමෙන්ම ජාතික ජන බලවේගය පවසන්නේ සමඟි ජනබලවේගය විසින් විවාදය සඳහා 20 වැනිදායින් පසු දින හතරක් ලබාදී ඇති අතර , ඉන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු විවාදයට බැවින් ඒ සඳහා ද ජාතික ජනබලවේගය එකඟ නොවන බවයි

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබූ මුල් ලිපියේ සඳහන් කළ මූලික කාරණා 2ක් කඩවීම මත විවාදයෙන් ඉවත් වීමට ජාතික ජන බලවේගය තීරණය කල බව නලීන් ජයතිස්ස වැඩිදුරටත් කියා සිටියේය.

Loading

අනුර සජිත් විවාදය තීන්දුයි.. ස.ජ.බ දින ලබාදෙයි.!

අනුර සජිත් විවාදය තීන්දුයි.. ස.ජ.බ දින ලබාදෙයි.!

සමගි ජන බලවේගය විසින් ලිපියක් මඟින් ජාතික ජන බලවේගය සහ ස.ජ.බ අතර යෝජිත විවාදය සඳහා දින තහවුරු කර තිබේ.

ස.ජ.බ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් එම ලිපිය යවා ඇති අතර එහි සඳහන්වන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය යුතු බවයි.

එම ලිපිය මඟින් ජාතික ජන බලවේගයට දැනුම් දී ඇත්තේ මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් අතරින් පහසු දිනයක් තෝරා ගන්නා ලෙසයි.

එමෙන්ම පක්ෂ දෙකෙහි නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් සුදුසු බව ලිපිය මඟින් යෝජනා කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවයි.

Loading

“ඉතින් එහෙනම් බාරගන්න තිබුනනේ” රනිල් සජිත් නිරුත්තර කරයි.!

“ඉතින් එහෙනම් බාරගන්න තිබුනනේ” රනිල් සජිත් නිරුත්තර කරයි.!

අද (9) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ විශේෂ ප්‍රකාශයක් අවසානයේ ඊට විරෝධතා මතු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න නැගූ අවස්තාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් වත්මන් ජනපති වරයා විමසා සිටියේ ඔහු තමන්ට හැකි අයුරින් වැඩේ කරන ලද බවත් අප්‍රේල් 19 වෙනිදා අගමැතිකම බාරගත්තා නම් මේ කිසිවක් සිදු නොවනු බවත් ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “මේ කතාව ගැන විවාදයක් කරන්න පුළුවන් නම් හොඳයි, මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියනවා මේ සියල්ලටම එතුමා වග කියන්න ඕන. මොකද මම වැඩේ කළේ මට පුළුවන් විදියට .අප්‍රේල් 19 වෙනිදා ඔබතුමා අගමැතිකම බාර ගත්තා නම් ඔය කියන එකක් වත් වෙන්නේ නෑ නේ” යනුවෙනි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close