By unusuma.lk on Jun 3, 2024 @ 10:33 am (LK time)
එක්සත් ජනපදයේ සහ කැරිබියන් දූපත් වල පැවැත්වෙන 2024 T20 ලෝක කුසලානයේ සිව්වන තරඟයේදී ශ්‍රී ලංකාව (SL) සහ දකුණු අප්‍රිකාව (SA) අද දිනයේදී තරඟ වැදීමට නියමිතයි. එම තරගය නිව් යෝර්ක් හි නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. Aiden Markram ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අතර උණුසුම් තරඟයක් දැක ගැනීමට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් බලපොරොත්තුවෙන් සිටී.
ජාත්‍යන්තර විචාරකයන්ට අනුව අද තරංගයේ කණ්ඩායම් අන්තර්ගතය පහත පරිදි විය හැකියි.
ශ්‍රී ලංකා කණ්ඩායම – පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනිඳු හසරංග (සී), ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක
දකුණු අප්‍රිකා කණ්ඩායම – Quinton de Kock, Reeza Hendricks, Ryan Rickelton, Aiden Markram (C), David Miller, Heinrich Klaasen, Tristan Stubbs, Keshav Maharaj, Kagiso Rabada, Anrich Nortje, Tabraiz Shamsi
2007 වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භයේ සිට මේ දක්වා සෑම විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියකදීම කණ්ඩායම් දෙකම ක්‍රීඩා කර ඇත. විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව 2014 දී ශූරතාව දිනා 2009 සහ 2012 දී අනුශූරයන් බවට පත් වුවද, දකුණු අප්‍රිකාව අවස්ථාව උදාකරගෙන ඇත්තේ අවසන් පූර්ව වටය දක්වා ලඟාවීමට පමණි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පන්දුවාර 20 යි 20 ඉතිහාසය.
දෙරට අතර ප්‍රධාන විස්සයි20 තරඟ 17 කදී, දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 12 ක් ලබාගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ පස් වතාවක් පමණි.
![Loading](https://i0.wp.com/unusuma.lk/core/modules/862192119b/ajax-loader-2x.gif?resize=16%2C16&ssl=1)