අද (14) දින උත්සව සමයේ නෑගම් යමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හදිසියේම ගිනි ගැනීමකට ලක්ව ඇති බව කළුතර දකුණ පොලීසිය සඳහන් කරයි.
රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක් අගලවත්ත ප්‍රදේශයට නෑගම් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර එම ගින්නෙන් ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන ඇත.
පුද්ගලයින් 04 දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ මෙම ගින්න හටගෙන ඇති අතර එම ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැත.