දුම්රිය ධාවනයට බාධා.. දින තුනක ප්‍රමාදයක්.!

අද (29) දිනයේ සිට අනිද්දා (31) දිනය දක්වා වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කළේ, එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බවයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close