ඇඟ සුදු වෙන ක්‍රීම් ගැන ඇස් රතු වෙන කතාවක්.. 10% කට මාරාන්තික රෝගයක්.!

අද (03) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික රෝහල් සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය විසින් මෙරට අති ජනප්‍රිය සම සුදුකිරීම සඳහා භාවිතා කරනා ආලේපන සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් කළාය.

එහිදී ඇය සඳහන් කළේ සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වැඩි ප්‍රතිශතයක් වකුගඩු රෝගවලට ගොදුරුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය, 

“මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංක සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් සිදුකරමින් යනවා රසදිය භාවිතය සම්පූර්ණයෙන් නැති කිරීමට. ඒ කියන්නේ රසදිය ප්‍රමාණය බිංදුව විය යුතුයි. දැන් මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නේ එක තැනකට නෙමෙයිනේ මුළු ශරීරයටම. මුළු සිරුරෙම විශාල රසදිය ප්‍රමාණයක් අලේප කළාම ඒක සම හරහා රුධිරයට අවශෝෂණය වෙනව කියන එක විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා.

එහෙම වුණාම ඇත්තටම රසදියවලින් පිලිකාවලට වඩා වෙන්න පුළුවන් දේ තමයි වකුගඩු අකර්මන්‍ය වීම. අපේ රට හේතුවක් හඳුනා නොගත් වකුගඩු රෝග ඉතාම බහුලව තියෙන රටක්. ඒකට මේවයින් බලපෑමක් වෙනවාද කියන එක අපි කොහොමද පෙන්වන්නේ..

පැය 24ක් තුළ මම පරික්ෂා කරන රෝගීන් දළ වශයෙන් 60ක් විතර සායන 40කින්. ඒ මුළු ගණනින් 06 දෙනෙක් ඒ කියන්නේ 10%ක් සුදුවෙන ක්‍රීම් නිසා ඇතිවුණ ගැටලු සහිත ආවේ. මේවා දිර්ඝ කාලීන නෙමෙයි කෙටිකාලීන… වැඩි හරියක් තියෙන්නේ Stretch marks.

දැන් සමහර දේවල් දකිනවා… උදාහරණයක් විදිහට අත්ල පතුල් කලු වෙනවා. ඒ හැම කේනාගෙම පොදු සාධකය සුදුවෙන ක්‍රීම් භාවිතය. ඒ වාගේම නියපොතු දුඹුරුපාට… තැඹිලි පාට වෙනවා. මේවා පසුගිය මාස කිහිපය තුළ ඉස්සර දැක්කට වඩා අධික වශයෙන් දකිනවා. එන්න එන්නම මේ කෙටිකාලීන් අතුරු අබාධ වැඩියි. දීර්ඝ කාලීන වෙන්න කලින් මේ කෙටිකාලීන ඒවා ටික වෙනවා. පිළිකා එන්න කලින් වකුගඩු නරක් වෙලා ජීවිතය හානි වෙන්න පුළුවන්.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close