LIVE
ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 80 – 100ත් අතර සහනාධාරයක් රජය මගින් ලබාදීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
ඒ අනුව, මේ මස අවසානයේ සිට එම සහනාධාරය ලබාදීමට අවධානය යොමුවී ඇති බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.
ඉන්ධන අලෙවි කිරීමෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන අලෙවි කරන සමාගම් ලබන පාඩුව පිළිබඳව සංඛ්‍යා දත්ත මේ වනවිට ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ලබාදෙන සහනාධාර මුදල කොපමණද යන්න නිශ්චිතවම තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
