LIVE
“වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීව අද (26) දින වනාන්තර 20ක්, රක්ෂිත ලෙස ගැසට් මගින් ප්රකාශයට පත් කෙරේ.
ඒ අනූව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වව්නියාව සහ අනුරාධපුර වල දිස්ත්රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් එලෙස රක්ෂිත ලෙස ප්රකාශයට පත් කෙරේ.
පරිසර අමාත්යංශය, මේ වනවිට වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර අද දින රක්ෂිත ලෙස ගැසට් කරන වනාන්තර 20 සමග මුළු භූමි ප්රමාණය හෙක්ටයාර 65,000කට ආසන්නයි.
