LIVE
සමගි ජන බලවේගය විසින් කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.
කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.
ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කරයි.
