LIVE
රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශන වලදී හෙළිවූ, එම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන වාහන 3ක් තවත් අපරාධ ගණනාවක් සඳහා යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සහ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂාවට මේ ඩබල් කැබ් රථ 3ක් ලබාදී ඇති බව වාර්තා වේ.
එම ඩබල් කැබ් රථ 3 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සමග ඍජුවම සම්බන්ධ බවට විමර්ශන අංශ මීට පෙර තොරතුරු අනාවරණය කරගෙන තිබුණ බව වාර්තා වේ.
මෙම වාහන 3ට අදාළ ධාවන සටහන් නොමැති වීම සහ තිබෙන ධාවන සටහන් විධිමත් නොවීම ඇතුළු ගැටලු රැසක් මතුව ඇත.
එම වාහන සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී ඇත්තේ, ඒවා වෙනත් අපරාධ සඳහා යොදාගෙන ඇති බවත් පාර්ශ්ව ගණනාවක් ඒවා භාවිත කර ඇති බවයි.
