මාතලේ, රත්තොට ප්‍රදේශයෙන් වතු පවුල් ඉවත් කිරීමට එරෙහිව විපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතා පුවරු අතැතිව පාර්ලිමේන්තු සභා ගර්භයේ විරෝධතාවක නිරත විය.
එහිදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී සදහන් කළේ,
” මේ පවුල්වල අය ඉවත් කරන්න සහකාර කළමනාකාරවරයා සෘජුව මැදිහත් වෙලා තියෙනවා. ඔහු වහාම අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණයක් කරන්න කියලා මම නියෝග කළා. ඒ අනුව එම නිලධාරියා දැන් නිවාඩු යවලා තියෙනවා. ඒ සිද්ධිය ගැන දැන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ සිද්ධිය දැනගත් වහාම ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා එතනට ගියා.
පැය විසිහතරක් ඇතුළත එතුමා එතනට ගියා. ඒ පවුල වෙනුවෙන් පෙනී හිටියා. සාධාරණය ඉෂ්ට කරන බවට පොරොන්දු වුණා. ඒවගේම සියලු කළමනාකාරවරුන් එතැනට යැව්වා. වතු ජනතාවගේ අයිතීන් අහිමි කිරීම බලවත් ගැටළුවක්. මේ ක්‍රියාව අසාධාරණයි. අපි නිවැරදි නීති ක්‍රියාමාර්ග ගන්නවා.”