දරුවන් අනතුරේ.. චීනය තුළ හදුනා නොගත් රෝගයක් පැතිරෙයි.!

යළිත් වතාවක් උතුරු චීනය තුළ හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එම රෝගී තත්ත්වය දරුවන්ට බලපාන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ශ්වසන රෝගීන් සහ බීජිං, ලියෝනින් ඇතුළු තවත් නගර රැසක ළමා රෝහල් මෙම නව රෝගයෙන් පෙළෙන ළමයින්ගෙන් පිරීගොස් ඇති බවත් එය ව්‍යාප්ත වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීන ළමයින් අතර නව නිව්මෝනියා රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 2019 වසරේ වාර්තා වු කොවිඩ් වෛරසය වූහාන් හි විද්‍යාගාරයක් තුළ සකස් කළ බවටත් එය වැළඳුණු රෝගීන් පිළිබඳ කලක් වසන් කළ බවටද චීනයට චෝදනා එල්ල වේ.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close