පුටුව ඉල්ලා මෛත්‍රී නැවතත් උසාවි යයි.!

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (10) සිවිල් අභියාචන මහාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසයි.

මෙම අභියාචන පෙත්සමේ විත්තිකාර වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ මොන්ටිගෝ සරච්චන්ද්‍ර මහතා වන අතර පෙත්සම පවරා ඇත්තේ නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මගිනි.

කොළඹ දිසා අධිකරණය පසුගිය 24 වැනි දින නිකුත් කළ අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close