ව්‍යාජ නොවන බෙහෙත් හඳුනාගන්නේ මෙහෙමයි.. නව ස්ටීකර් ක්‍රමවේදයක් හඳුන්වාදෙයි.!

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා සිටියේ ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව‍යි.

ඊට අදාළ ස්ටීකර් ලබාගැනීම සඳහා මේ වනවිටත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත අදාල ඇනවුම් කිරීම සිදුකර ඇති බව සභාපතිවරයා පවසයි.

ඒ අනුව ඉදිරියේදී නිවැරදි ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාජ නොවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිිත ස්ටිකරයක් ලබාදීමට නියමිත බවත් ලබන මාසය ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close