පාරිභෝගික ජනතාවට දැනුම්දීමක්.!

ජනතාව භාණ්ඩ මිලදී ගැනීමේදී වෙළෙඳසැල් වලින් ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව අද (28) දින නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අදාළ ගැසට් නිවේදනයට අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් මෙම දැනුම්දීම සිදු කළාය.

භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළෙඳසැල් වලින් ලබාදෙන ෂොපින් බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කර තිබුණේය.

එම මලු සඳහා මුදලක් අය කළහොත් ජනතාව ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර සංවිධානය ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද සඳහන් කරයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close