ඉතිරිව සිටින “එල්.ටී.ටී.ඊ” සාමාජිකයන් රැස්කරමින් කරුණා අම්මාන් නව සැලැස්මක.!

දමිළ රූපවාහිනි මාධ්‍ය ආයතනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් දෙමළ නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජෙයා සරවනාන් සඳහන් කළේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියලු ම දෙනා නැවත ඒකරාශි කරන්නැයි එම පක්ෂයයේ නායක කරුණා අම්මාන් තමන්ට නියෝග කර ඇති බවයි.

තම පක්ෂයේ නායකයා විසින් තමන්ව උතුරු පළාත භාරව මේ වන විට පත්කර ඇති බව කී නියෝජ්‍ය නායක සරවනාත්, ඉදිරියේදී දමිළ ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටුකිරීමට සැලසුම් කර ඇති බව ද පැවසුවේ ය.

රජයේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ යටතේ හිටපු “කොටි” සාමාජිකයන් සමාජගත කළද මේ වන විට ඒ අතරින් බහුතරයක් එදිනෙදා ආහාරවේල පවා සපයා ගත නොහැකි තත්වයට පත්ව ඇති බැවින් සියලු සාමාජිකයන්ගේ ජීවනෝපාය මාර්ග නගා සිටුවීමේ අරමුණින් තම පක්ෂ නායක කරුණා අම්මාන් සැලසුමක් සකස් කර ඇති බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ කරුණා අම්මාන් විසින් ඉල්ලීමක් කලහොත් අනිවාර්යයෙන් ම ඔවුන් පැමිණෙනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close